Colombo Today Local News

“මීට පස්සේ කියන්නෙම නැතිව ලයිට් කපනවා.. රටට ඇතිවෙන්න විදුලිය දෙන්න අමාරුයි” – ඇමති අජිත්

ajith p perera

මේ වන විට රටේ අවශ්‍යතාවට සරිලන තරම් විදුලිබල ධාරිතාවක්‌ මණ්‌ඩලය සතුව නොමැති නිසා දැනුම්දීමකින් තොරව වරින්වර විදුලිය කපා හරින බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා පවසයි.

රට පුරාම විදුලිය බිඳ වැටුණු පසු නොරොච්චෝල බලාගාරයෙන් මෙගොවොට්‌ නවසියයක්‌ම අහිමි වීමෙන් මේ වන විට මෙගොවොට්‌ 350-400 ක පමණ හිඟයක පවතින බව නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.
ලංකා විදුලිබල මණ්‌ඩලය හා පුද්ගලික බලාගාරවලින් ලබා ගන්නා විදුලියද ඇතුළත්ව මෙගොවොට්‌ 3900 ක පමණ විදුලිබල ධාරිතාවක්‌ මණ්‌ඩලය සතුව තිබුණද මේ දිනවල පවතින නියඟය හා නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය අක්‍රියවීම නිසා මෙගොවොට්‌ 350-400 ක හිඟය මතුවී ඇතැයි ඇමැතිවරයා සඳහන් කළේය.

ඇතිවූ ක්‍ෂණික දුෂ්කර තත්ත්වය සැලකිල්ලට ගෙන විදුලිය අරපරිස්‌සමින් භාවිත කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇමැතිවරයා පැවැසීය.

විදුලිය කපා හරින කාලය නිල වශයෙන් නිවේදනය නොකරන්නේ මන්දැයි කළ විමසීමකට පිළිතුරු දුන් නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේ යම්කිසි කාලයක්‌ ප්‍රකාශයට පත් කළහොත් විදුලිය අරපරිස්‌සම් කිරීමේ උත්සාහය අසාර්ථක වීමට ඉඩ තිබෙන බවයි. ඒ අනුව දැනට නොදන්වා ප්‍රදේශයෙන් ප්‍රදේශයට විදුලිය කපා හැර පවතින තත්ත්වයට මුහුණදීමට සිදුව ඇති බවද හෙතෙම පැවැසීය.

ජනතාව දැඩි අපහසුතාවට පත් නොකර ඉතා කෙටි කාලයකට මෙලෙස විදුලිය කපා හරින ලෙස උපදෙස්‌ දී ඇතැයිද හැකි ඉක්‌මනින්ම රටට අවශ්‍ය විදුලිය ජනනය කිරීමට විදුලිබල මණ්‌ඩලය සියලු උත්සාහ ගන්නා බවද ඇමැතිවරයා තවදුරටත් කියා සිටියේය.

Related posts

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට ළඟදීම නඩු පවරන බව අලි සබ්‍රි කියයි

colombotoday

හැදුවේ පාස්කරලිංගම් , කියෙව්වේ රවී – 2016 අයවැය පටලැවිල්ලේ රහස!

colombotoday

දෙහිවල සත්තු වත්තේ සතුන් අනතුරේ පන්සිය ගණනක් දැනටම මියගිහින්

colombotoday

රාජපක්ෂ කාලේ රට පැන්න පාතාළයෝ 2015 ලංකාවට ඇවිත් ඇමති සුරතල්ලු වුණා !

colombotoday

ජනාධිපතිතුමා අපිට කියන්න ඕන නෑ අපේ ස්ත්‍රීන් කොහොමද අඳින්න ඕන කියලා – ප්‍රහාරයේ උනුසුම මැකී යද්දී උලමා සුපුරුදු රිද්මයට එයි…

colombotoday

දයාසිරි සහ රවී පැටලේ – කැබිනට් රැස්වීම නොසන්සුන්

colombotoday