ළිඳුල ආපන ශාලාවක මුළුතැන්ගෙහි තුල ගිනි ඇවිලිමෙන් පුද්ගලයකු ජිවිතක්ෂයට පත් වි ඇති බව ලිඳුල පොලිසිය පවසයි.
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ ලිඳුල ලැමරියර් වතු යායේ පදිංචි මරුදෙයිවිරන් පෙරුමාල් නැමති 74 හැවිරිදි තිදරු පියෙකි.
මරණකරු ලිදුල නගරයේ පවත්වගෙන යන මෙම ආපනශාලාවක කොකියකු වශයෙන් සේවය කළ බවත්, සුපුරුදු පරිදි අළුයම ආපන ශාලාව වෙත පැමිණි එම පුද්ගලයා ආහාර පිසමින් සිටින අවස්තාවේ සිරුරට ගිනි ඇවිලිමෙන් ආපනශාලාවේ උඩු මහලේ පිහිටි මුළුතැන්ගෙහි තුළ මියගොස් ඇති බවට සැකකරන බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ලිදුල පොලිසිය පවසයි.