Colombo Today Local News

යපනය කෝපායි හී හමුදාව භාරයේ තිබූ සියළු ඉඩම් මදාහැරෙයි

මෙතෙක් ආරක්ෂක හමුදා භාරයේ පැවති යාපනය කෝපායි ප්‍රදේශයේ ඉඩම් මුදාහැරීම සම්පූර්ණයෙන්ම අවසන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා.

යුද්ධයෙන් ඉඩම් අහිමි වූ කෝපායි සහ තෙලිප්පලෙයි යන ප්‍රදේශවල ජනතාවට යළිත් මුල් ගම්බිම්වල අයිතිය පිරිනැමීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා‍ගේ ප්‍රධානත්වයෙන් ඊයෙ සිදුවුණා.

එහිදී ඉඩම් අක්කර 701 ක් නැවත එහි මුල් පදිංචිකරුවන්ට ලබාදීමටයි පියවර ගැණුනු අතර ඒ අනුව වසර 26 කට පසු තෙලිප්පලෙයි ප‍්‍රදේශයේ පවුල් 650 කට සහ කෝපායි ප‍්‍රදේශයේ පවුල් 50 කට සිය මුල් ඉඩම්වල අයිතිය හිමිවුණා.

ඉදිරි මාස කිහිපය තුළ ඉඩම් මුදාහැරීම සම්පූර්ණයෙන් පාහේ අවසන් කිරීමටයි රජයේ අවධානය යොමුව ඇත්තේ.

Related posts

පාසල් ළමුන් රැගත් ත්‍රීරෝද රථයක් පෙරළී ළමුන් 9ක් රෝහලේ…

Admin

හෙට සිට බුත්තල නගරයත් වහයි

colombotoday

දෙරණ චතුරට, දිවයින කිර්ති වර්නකුලසුරියට අගමැතිගෙන් පාර්ලිමේන්තුවේදී කුණු බැනුම්

colombotoday

දිවයින පුරා වනජිවි නිලධාරින් සංගම් වැඩ වර්ජනයක

colombotoday

සබ්‍රිට කවුරුත් ඡන්දේ දීලා නෑ. ඔහු ජනාධිපතිව විනාශ කරනවා. | අක්මීමන දයාරතන හිමි

colombotoday

සරසවි සිසුවියගේ මරා දැමූ පෙම්වතා මානසික වෛද්‍යවරයෙක් හමුවට

Admin