තමන් වහන්සේ සිරගත කිරීම සම්බන්ධයෙන් කිසිවෙකු සමග අමනාපයක් නොමැති බව රක්ෂිත බන්ධනාගාරගත කර නිදහස් කරනු ලැබූ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියෝ පවසයි.
පන්සල්වල හැදෙන වැඩෙන අලි පැටවුන් පටලවා ගනිමින් බෞද්ධ සංස්කෘතියට එරෙහිව සංවිධානාත්මක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් ඇති බවද උන් වහන්සේ කියා සිටියහ.