Colombo Today Local News

රැදවියෙක් මලපහ කරද්දී එළියට ආව දේ

වැලිකඩ බන්ධනාගාරයේ සිට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන ගිය රැඳවියෙක් ගිල දැමූ බව කියන ග්‍රෑම් 56ක් බරැති රිදී මාලයක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ඊයේ (13)දින සොයා ගෙන තිබේ.

මෙම සැකකරු පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් අත්අඩංගුවට ගෙන ඇති අතර තවදුරටත් පරීක්ෂා කිරීමේදී මෙම රිදී මාලය සොයාගෙන ඇතැයි පොලිසිය කාර්ය බලකාය සඳහන් කරයි.

සැකකරුට මලපහ කිරීමට සලස්වා ඇති අතර එහිදී නිල්පාට කාබන් කොලයක සහ සුදු පැහැති පොලිතීන් ආවරණය ගොතා ඔතා තිබූ මෙම මාලය සොයා ගැනීමට සොයාගැනීමට හැකිවූ බව පොලීසිය පවසයි.

මෙම සැකකරු වයස අවුරුදු 51ක මිරිහාන නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි අයකු බවද පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

Related posts

මඩකලපුවේ හාමුදුරුවන්ට විහාරස්ථානයේ දී වෙඩි ප්‍රහාරයක්

Admin

විග්නේෂ්වරන් රෝහල්ගත කරයි.. උතුරේ ඉඩම් ගැන ජනපති, අගමැති සමග කතා කල් යයි

colombotoday

ශ්‍රී ලංකාව ට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 150ක ණයක් ගන්න ගිවිසුමක් අත්සන් කරයි

colombotoday

රනිල් ඉවත් කර අලුත් අගමැතිවරයෙක්.. එජාපයේ 43ක් මෛත්‍රීගේ සහයට !!

colombotoday

මල් වඩම් අනවශ්‍යයි… ශ්‍රීලනිපය සමාදානයෙන් සැතපේවා…

colombotoday

ජනතාව වෙනුවෙන් කමල් පාර්ලිමේන්තු එන්න සූදානම්

Admin