Colombo Today Local News

මරණ දඩුවමට අලුත් සංශෝධනයක්

අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 281 වන වගන්තිය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

එමගින් වරද සිදුකරන අවස්ථාවේ දී වසස අවුරුදු 18ට අඩු කවර හෝ තැනැත්තෙකුට එරෙහිව මරණ දණ්ඩනය නියම කිරීම හෝ සටහන් කිරීම නොකළ යුතු බවට සහ එම දඬුවම වෙනුවට එම තැනැත්තා ජනාධිපතිවරයාගේ කැමැත්ත ඇති තාක් රැඳවුම් භාරයේ තැබීමෙන් දඬුවම් කිරීමට හැකිවන පරිදි දණ්ඩ නීති සංග්‍රහයේ 53 වන වගන්තිය සංශෝධනය කර ඇත.

එහෙත් වරද අවුරුදු 18ට අඩු වන විටෙක දී මරණ දණ්ඩනය පැනවීමෙන් දඬුවම් නොකළ යුතු බවට වන විධිවිධාන සංග්‍රහ පනතේ 281 වන වගන්තියට මේ වන විට ඇතුළත් කර නොතිබුණි.

ඒ අනුව මෙම නව සංශෝධනය මගින් දණ්ඩනීති සංග්‍රහය සහ අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ ඇතුලත් කරුණු වල පැවති අසමානතාව අවසන් වනු ඇත.

Related posts

කොළඹ වරාය නගරය ආයෝජකයන් සඳහා හඳුන්වා දීම ලබන 26 වනදා

Admin

සෞඛ්‍ය මාර්ගෝපදේශ කැඩූ බස්නාහිර පළාතේ බස් 481කට අවවාද..

colombotoday

කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයට ගල් පර්වත පෙරෙැලෙයි

Admin

පාසල්වල විෂමාචාර නවත්වන්න සමාජ බුද්ධි ඒකකයක්

Admin

ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ලංකාවට පැමිණේ

Admin

වැලිමඩ නගරයේ උණුසුම් තත්වයක්.. බදුල්ල-නුවරඑළිය මාර්ගය අවහිරයි (Video)

colombotoday