Colombo Today Local News

නොදන්නා පොහොර වාදයට ඇවිත් ලාල් කාන්ත ඇමති දුමින්දගෙන් බඩකඩ පුරා කාපු හැටි (Video)

duminda lal kanth

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටළු සම්බන්ධයෙන් හිරු රූපවාහිනියේ ඊයේ රාත‍්‍රියේ පැවති ‘බලය’ දේශපාලන වැඩසටහනේදී ගොවි ජනතා පාර්ශ්වය නියෝජනය කරන්නට පැමිණි ජවිපෙ ලාල් කාන්ත හා නාමල් කරුණාරත්න කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායකගේ කරුණු ඉදිරිපත් කිරීම හමුවේ දැඩි සේ පසුබා ගියේය.

ජවිපෙ නියෝජිතයින් මුල්වටහේදී උස් හඬින්කියා සිටියේ පොහොර කප්පාදුවක් සිදුව ඇති බවත් කලින් මෙන් 350ට පොහොර ලබා දිය යුතු බවත්ය.

එහෙත් ඇමතිවරයා තම වටයේදී සිය මතය තාර්කිකව තහවුරු කරමින් කියා සිටියේ පොහොර සහනාධාරය කප්පුදාවක් වී නැති බවත් නව ක‍්‍රමය හා පැරණි ක‍්‍රම ඇතර ඇත්තේ රුපියල් 600-700ක පමණ වෙනසක් බවත්ය.

ජවිපෙ නියෝජිතයින්ට ඇමතිවරයාගේ තර්කය බිඳ හෙලන්නට හැකි නොවූ අතර ඊළඟ වටවලදී හඬේ සැර බාල වී සීඝ‍්‍ර ලෙස පසු බා ගිය ඔවුන් වී මිල, ගොවීන්ගේ යෝජනා ආදිය වටා කාලය ගත කරනු පෙනින.

කෙසේ හෝ වේවා ඇමති දුමින්ද දිසානායක කෘෂිකර්මයට වගකිව යුතු ඇමතිවරයා ලෙස සිය මතය හරි හෝ වැරදි එය වෙනුවෙන් සෘජුව ජනතාව ඉදිරියේ පෙනී සිටීම අගය කල යුත්තේ අද බොහෝ ගැටළුවලට ජනතාව හමුවේ සිය තීරණයන් වෙනුවෙන් ඇමතිවරුන් ප‍්‍රසිද්ධියේ පෙනී නොසිටින තත්වයක් මතයි.

ආණ්ඩුව වෙනුවෙන් පැමිණ සිටි අනෙක් නියෝජිතයා වූ එජාප මන්ත‍්‍රී නලින් බණ්ඩාර මෙහිදී ඉදිරිපත් කල කරුණු කාරනා ඉතා දුර්වල තත්වයේ වූ අතර කිසිදු හැදැරීමක් සහිතව ආ බවක් නොපෙනින. ජවිපෙ නියෝජිතයින් දෙදෙනා ඔහුට වඩා ඉදිරියෙන් සිට කරුණු ඉදිරිපත් කල බවද කිව යුතුය.

එහෙත් ඇමතිවරයා කියන ආකාරයට ගොවීන්ට මෙම ක‍්‍රමය යටතේ සිදුවන්නේ මහත් ලාභයක් නම් ඔවුන් ඉදිරි කන්නවලදී මෙරට වී අස්වැන්න මීටත් වඩා බොහෝ ඉහල දැමෙනු ඇත. ගොවි බිම් වෙනදාටත් වඩා ගොවීන්ගෙන් පිරී ඉතිරී යනු ඇත.

නමුත් අසංවිධානාත්මකව වුවද ගොවීන් අද රට පුරා වීදි බැස ඇත්තේ නව ක‍්‍රමය ගොවීන්ට ඉතා අවාසි සහගත බව අත් දැකීමෙන් දැනෙන නිසාය.

Lankacnews

Related posts

කවුද මේ නව බුද්ධි අංශ ප‍්‍රධානියා… බුද්ධි අංශවල පුටු පෙරළියේ සැබෑ කතාව..!

colombotoday

“රනිල්ගේ ප්‍රකාශ අවිචාරවත්, අගමැතිවරයෙකුට තරම් නොවේ” නිදහස මාධ්‍ය ව්‍යාපාරය

colombotoday

20 හදද්දී අපෙන් කිසිවක් ඇසුවේ නෑ.. මුස්ලිම් මෙරට ප‍්‍රධාන ජනවර්ගයක් – මුස්ලිම් කොංග්‍රසය කියයි

colombotoday

මහජනතාව සංචරණ සීමා පිළිගන්නා බවක් පේන්න නැහැ.. රජය බලාපොරොත්තු වූ අරමුණ ඉටු වී නෑ.

colombotoday

කුරුඳුවත්ත බැංකුවක් අසලදී පුද්ගලයෙක් ගිනි තබා ගනී

colombotoday

IOC පෙට්‍රල් ​​රු. 35කින් ඩීසල් රු.75කින් ඉහළට

colombotoday