මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් කිරීමට නියමිත ලබන 13 වනදා මැදියම් රැයේ සිට සමාජ මාධ්‍යද මැතිවරණය අවසන් වන තුරු අවහිර කිරීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමු වී ඇත.
විදුලි සංදේශ නියාමන කොමිසමේ ආරංචි මාර්ග පවසන්නේ, මැතිවරණ කොමිසම ඒ පිළිබදව සලකා බලමින් සිටින බවත්, ඒ අනුව කටයුතු කිරීමට සූදානමින් සිටින බවත්ය.
මැතිවරණ කොමිසම පසුගිය දා නිවේදනය කර සිටියේ විද්‍යුත් හෝ මුද්‍රිත ක්‍රම මඟින් සහ වෙනත් කිසිදු ආකාරයකින් ප්රචාරක කටයුතු 13 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අනතුරුව තහනම් වන බවයි.