Colombo Today Local News

කහ, එනසාල් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සිවු දෙනෙකු අත්අඩංගුවේ

රුපියල් දෙකෝටි හැත්තෑහතර ලක්ෂයක් වටිනා කහ සහ එනසාල් තොගයක් සමඟ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගත් බව යුද හමුදාව පවසයි.

ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව මන්නාරම පේසාලේ ප්‍රදේශයේ කඩ්ඩුකරන්කුඩි ඉරිප්පු ප්‍රදේශයේදී සැකකරුවන් මෙසේ අත්අඩංගුවට ගත් බව කියයි.

කහ කිලෝ ග්‍රෑම් 4300 සහ එනසාල් කිලෝ ග්‍රෑම් 80 කැබ් රථයක සගවා ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් සිවු දෙනා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සහ නීති විරෝඩී භාණ්ඩ ඉදිරි විමර්ශන සඳහා තලෙයිමන්නාරම පොලිසියට බාරදී ඇතැයි පැවසේ.

Related posts

මැයි 9 ප්‍රචණ්ඩක්‍රියා සිද්ධිවලට සම්බන්ධ 1,708ක් අත්අඩංගුවට. 751 රිමාන්ඩ්

colombotoday

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

අමාත්‍ය නසීර් අහමඩ් නෙරපීමේ තීරණය නීත්‍යානුකූල බව අධිකරණය කියයි

Admin

බොරතෙල් මිලේ දැවැන්ත පහත වැටීමක්!

Admin

අද පාර්ලිමේන්තුව විසුරනවා

Admin

පානදුර පාරක මළ සිරුරක්

colombotoday