Colombo Today Local News

ඇමති චම්පිකගේ රියේ හැප්පුණු සංදීපගේ පියා කියන කතාව!

champika 232

“මට ඕන මොකුත් නොවේ. මගේ දරුවාව සනීප කරගන්නයි. හොඳ ඩොක්‌ටර් කෙනෙක්‌ ලවා මගේ දරුවාව සනීප කරවලා දෙන්න. මට ඒ ඇති. පාඨලී ඇමැතිතුමා නිකන්වත් මගේ පුතා බලන්න තාම ආවේ නැහැ…” යෑයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැදවූයේ යෑයි කියන ජීප් රථයට වැලිකඩ ප්‍රදේශයේදී ගැටී අසාධ්‍ය තත්ත්වයේ පසුවන සන්දීප් සම්පත් (24) තරුණයාගේ පියා වන ඩී. ගුණවර්ධන මහතා දැඩි කම්පනයෙන් යුතුව “දිවයින” ට ඊයේ (07 වැනිදා) පැවසීය.

ඇමැති පාඨලී චම්පික පැදවූ බව කියන ජීප් රථයට සන්දීප් හැපී තිබුණේ පසුගිය 28 වැනිදා රාත්‍රියේදීය. එදින කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ සන්දීප් තවමත් අසාධ්‍ය තත්ත්වයේ පසුවෙයි. සන්දීප් ගැන තොරතුරු විමසූ අවස්‌ථාවේ ඔහුගේ පියා මෙසේ ද කියා සිටියේය.

“පුතා එදා නිවාඩු දවසේ යාළුවොත් එක්‌ක ඇවිදින්න ගිය වෙලාවේ තමයි මේ අනතුරට මුහුණපෑවේ. පුතා අපේ එකම දරුවා. අපි මේ අනතුර දැක්‌කේ නැහැ. පාඨලී ඇමැතිතුමා පදවපු ජීප් රථයට පුතා හැප්පුණා කියලා පුතාගේ යාළුවෝ කිව්වා. ඒ ළමයි තමයි සත්‍ය සිද්ධිය කියන්නේ. පාඨලී ඇමැතිතුමා තාම මගේ දරුවව බලන්නවත් ආවේ නැහැ. ඒ විතරක්‌ නෙමෙයි කිසිම දේශපාලකයෙක්‌ ආවේ නැහැ.

මනුස්‌සකම කියන්නේ මේකටද? ළමයාට තාම සිහිය නැහැ. සමහර අය කියනවා ළමයා කතා කරනවා ළමයාට සිහිය තියෙනවා කියලා. ඒවා බොරු. ළමයාගේ තත්ත්වයේ වෙනසක්‌ නැහැ. මේ අනතුර වෙච්ච වෙලාවේ පාඨලී ඇමැතිතුමා කිව්වා බෙහෙත් ප්‍රතිකාර අරන් දෙන්නම් කියලා. නමුත් දැන් ඒ ගැන කතාවක්‌වත් නැහැ.

අපිට මොනවත් ඕනෙ නැහැ. මගේ දරුවා සනීප කරල දෙන්න කියලයි හැමෝගෙන්ම මම ඉල්ලන්නේ. හොඳ ඩොක්‌ටර් කෙනෙක්‌ ළඟට අරන් ගිහින් පුතාව සනීප කරලා දෙන්න. අපිට ඒ ඇති. පුතාව මේ තත්ත්වයෙන් ගොඩදාලා දුන්නොත් ලොකු පිනක්‌. මගේ රත්තරං පුතා ජපන් යන්න බලාපොරොත්තුවෙනුත් හිටියේ.”

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප්‍රනාන්දු

උපුටා ගැනීම – දිවයින

Related posts

සමලිංගික සූත්‍ර ගෙනාපු මංගල සමරවීර ඉස්සරහට අපිට ජංගියත් නැති කරනවා – මාධ්‍ය හමුවකදී මංගලට කුණු බැණුම්

colombotoday

දේශීය කිරිපිටි මිල වැඩි කරන්න පියවර ගෙන නෑ…

colombotoday

ජවිපෙ ජනාධිපති අපේෂකයා අනුර !

colombotoday

ජනපතිට “සිංහලේ“න් සැර ලිපියක්.. ශ්‍රීපාද අරාබි ඉදිකිරීම් සහමුලින්ම නවතනතුරු මාරාන්තික උපවාසයක්

colombotoday

හිටපු ඇමති තොන්ඩමන්ගේ අවමංගල්‍ය උත්සවයට ගිය තිදෙනෙක්ට කොරෝනා රෝග ලක්ෂණ

colombotoday

මාස 6ක් තුළ 150,000කට අධික පිරිසක් රට රැකියාවලට ගිහින්.

Admin