Colombo Today Local News

“හිරගෙවල් පිට හිරගෙවල්වල දැම්මත් වසර 02ක් ඇතුළත මේ ආණ්ඩුව ගෙදර යවනවාමයි” ප්‍රසන්න රණතුංග

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා ඉවත්වී පක්ෂ සභාපති ධුරය නැවත වරක් මහින්ද රාජපක්ෂ මහතාට භාර දෙන්නැයි සදහන් කරමින් මිනුවන්ගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලමණ්ඩලය අද 06දා ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු ප්‍රසන්න රණතුංග මහතාගේ උඩුගම්පොල නිවසේදී රැස්වූ අවස්ථාවේදී යෝජනාවක් සම්මත කරගෙන තිබේ.

ප්‍රසන්න රණතුංග මහතා නැවත මිනුවන්ගොඩ ශ්‍රීලනිප සංවිධායකවරයා ලෙස පත් කරන තුරු මිනුවන්ගොඩ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන කටයුතු සිදු නොකිරීමටත්,මිනුවන්ගොඩ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ බලමණ්ඩලය සහ ඊට අනුබද්ධ සියලුම සංවිධාන ඒකාබද්ධ විපක්‍ෂයේ අනුබද්ධ සංවිධාන ලෙස කටයුතු කිරීමටත් මෙහිදී යෝජනා සම්මත කරගෙන තිබේ.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා.

“හිර ගෙවල්පිට හිර ගෙවල්වල දැම්මත් මොන දේ අපිට නැති කළත් ජනතාව එක්ක පාරට බැහැලා මේ ආණ්ඩුව ගෙදර යවනවා මයි. ඉදිරි අවුරුදු 02 ක තුළ අපි මේ ආණ්ඩුව පෙරලනවා.

අපේ ආණ්ඩුව තියෙන කොට අපි රටේ පාතාලය මර්ධනය කළා, කුඩු ඇල්ලුවා. ඒකාලේ පාතාලය රට පැන්නා. ඒත් මේ යහපාලන ආණ්ඩුව ආපුහාම පිටරට ගිය පාතාලේ නායකයෝ ආපහු ලංකාවට ආවා. එදා කුඩු පැකට් එකක් රුපියල් 1200 අද රුපියල් 600 කේරල ගංජා රට පුරාම. අද මේ රට කුඩු පුරයක් වෙලා රට පතාල පුරයක් වෙලා. මේ තත්වය වලක්වන්න පුළුවන් එකාබද්ධ විපක්‍ෂයට විතරයි”

ea415843-b24d-4662-9eae-471fd0cc6e4a

Related posts

මඩකලපු කම්කරු උසාවියේ විනිසුරු මොහොමඩ් ශියාන් අත්අඩංගුවට – අවුරුදු ගණනාවක් රියදුරුගේ වැටුප් හොරාට අරගෙන

colombotoday

හදිසි ගල්අඟුරු ටෙන්ඩරයක් කැඳවයි

colombotoday

නව යුද හමුදාධිපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක !

colombotoday

ඉන්ධන අර්බුදය නිසා පාර්ලිමේන්තුවත් වැසෙයි

colombotoday

පාරකට නම් ගහන්න ගිය ඇමති සිරිපාල ගම්ලත් ට දැඩි විරෝධයක්

Admin

රවිරාජ් ඝාතන චෝදනාවෙන් නිදහස් වී අද පාරන්දර ගෙදර ගිය බුද්ධි අංශ නිලධාරීන් රට ගැන කී දේ (Video)

colombotoday