Colombo Today Local News

යහපාලනයෙන් පණ ලබා රටම භීතියෙන් සලිත කරන පාතාල කල්ලි 15 මෙන්න

sri lanka under word

පාතාල ලෝකයේ සන්නද්ධ කණ්‌ඩායම් මර්දනය කිරීමේ මෙහෙයුම් නතර කිරීමත් සමගම රටපුරා විසිරී සිටින ප්‍රධාන පෙළේ පාතාල කණ්‌ඩායම් පහළොවක්‌ මහ දවල් මිනිස්‌ ඝාතන සිදු කිරීම සහ අපරාධ කිරීමට පටන් ගැනීම නිසා මුළු රටම පාතාල භීතියෙන් ඇලලී ගොස්‌ ඇත.

පාතාල ලෝකයේ සන්නද්ධ කණ්‌ඩායම් මර්දනය කිරීම සඳහා පොලිසිය සතුව ක්‍රමවත් වැඩ පිළිවෙලක්‌ මේ වනතුරු ක්‍රියාත්මක නොවීමද මෙම පාතාල කණ්‌ඩායම්වල ක්‍රියාකාරිත්වය ඉහළ යැමට හේතු වී ඇති බව ආරක්‍ෂක අංශ ප්‍රධානීහු පවසති.

පසුගිය රජය සමයේ පාතාල ලෝකයේ සන්නද්ධ කණ්‌ඩායම් විනාශ කිරීමේ මෙහෙයුම් ඉතාම සාර්ථකව ක්‍රියාත්මක වූ අතර ඒ අවස්‌ථාවේ පාතාල කල්ලි සාමාජිකයන් සැඟ වී සිටියහ.

පසුගිය රජය සමයේ ක්‍රියාත්මක වු පාතාල මර්දන මෙහෙයුම්වලින් ප්‍රබල පෙළේ පාතාල අපරාධකරුවන් පනහකට අධික පිරිසක්‌ මරුමුවට පත් වූහ.

එහෙත් වර්තමාන යහපාලන රජය ආරම්භයත් සමඟ පාතාල මර්දන මෙහෙයුම් නතර කෙරුණි.

මේ හේතුව නිසා තමන්ට පොලිසියෙන් කිසිම ආකාරයක ජීවිත තර්ජනයක්‌ නොමැති බව සැලවීමත් සමග පාතාල අපරාධකාරයන් නැවතත් සිය අපරාධවල නිරතවන්න පටන් ගෙන ඇත.

පාතාල ලෝකයේ සන්නද්ධ කණ්‌ඩායම් මර්දනයට සහ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පිහිටුවා ඇති පෑලියගොඩ අපරාධ කොට්‌ඨාසය, මිරිහාන විශේෂ විමර්ශන ඒකකය, කොළඹ අපරාධ කොට්‌ඨාසය මේ වන විට මුළුමනින්ම පාහේ අකර්මන්‍ය වී තිබේ.

මෙම ඒකකවලට දක්‍ෂ පළපුරුදු නිලධාරීන් අනුයුක්‌ත නොකිරීම පාතාල අපරාධ මර්දනයට අවශ්‍ය පහසුකම් ලබා නොදීම ඇතුළු කරුණු ගණනාවක්‌ මෙම විශේෂ ඒකක අකර්මන්‍ය වීමට හේතු වී ඇති බව අපරාධ මර්දනය සඳහා නම්දරා සිටින නිලධාරීහු කියා සිටිති.

පොලිස්‌ ආරංචිමාර්ග පවසන අන්දමට මේ වන විට රටපුරා දරුණු ගණයේ පාතාල කණ්‌ඩායම් 15 ක්‌ සක්‍රීය වී සිටිති.

කොළඹ පාතාලයේ ප්‍රබල කණ්‌ඩායම් දෙකක්‌ එකිනෙකා මරා ගැනීමට පටන් ගෙන සිටිති. දෙමටගොඩ චමින්දගේ සහ බ්ලුමෙන්ඩල් සංඛ මෙහෙය වන පාතාල කල්ලි දෙක අතර දරුණු සටනක්‌ මේ වන විට නිර්මාණය වී තිබේ.

ඊට අමතරව සේදවත්ත වැල්ලම්පිටිය ප්‍රදේශයේ අලුත්ම පාතාල කල්ලියක්‌ සිය ප්‍රතිවාදීන් ඝාතනයට පටන් ගෙන සිටියි.

මිනුවන්ගොඩ ගම්පහ කටුනායක මීගමුව ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන තවත් පාතාල කල්ලි දෙකක්‌ සටනට එක්‌ව සිටිති.

දකුණු පළාතේ ගාල්ල, ඇල්පිටිය තංගල්ල ප්‍රදේශ කේන්ද්‍ර කර ගෙන තවත් දරුණු ගණයේ පාතාල කල්ලි නවයක්‌ ක්‍රියාත්මක වී සිටිති.

කඹුරුපිටියේ මධුෂ්, දෙවිනුවර චමිල්, රත්ගම, පොඩි සුජී, බැදිගම උක්‌කුවාගේ කල්ලිය, ගාල්ලේ මනෝඡ් මෙන්ඩිස්‌ගේ ගෝලයන්ගෙන් සැදුම් ලත් කල්ලිය පොඩි ලැසීගේ පාතාල කල්ලිය වීරකැටියේ ඔක්‌ස්‌ෆර්ඩ් රත්නායකගේ කණ්‌ඩායම මේ වන විට සක්‍රීය වී සිටින පාතාල කල්ලි බව පොලිස්‌ මූලස්‌ථානය පවසයි.

හේමන්ත රන්දුණු – දිවයින

Related posts

උසාවියට අපහාස කිරීම : සාක්ෂි විමසීම සදහා ඥාණසාර හිමි අද අභියාචනාධිකරණයට කැදවයි

colombotoday

එන්නත ගැනීමෙන් ඇතිවන අතුරු ආබාධවලට වඩා කොවිඩ් හැඳුනොත් ඇතිවන අතුරු ආබාධ පස් ගුණයකින් වැඩියි

colombotoday

සැප පහසු බව මදිලු…. පාර්ලිමේන්තුවට පුටු 232ක් අලුතින් ගැනීමට යෝජනාවක්….

colombotoday

මැයි මස පළමු වනදාට පෙර මරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණය කරයි

colombotoday

ෂොපින් බෑග් එකක් අරං ආපු රිෂාඩ් කෝටිපතියෙක් වුණ හැටි

colombotoday

යහපාලන සම්මුතිය කම්මුතුයි… ඉතිරි දෙවසර අදින්න “අන්තර් පාලන රජයක්” එයි…

colombotoday