Colombo Today Local News

රනිල් සහ රතන හිමි පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි.. මන්ත්‍රීධූර බලරහිත කරන ලෙස ඉල්ලා අධිකරණයට පෙත්සමක්

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ අතුරලියේ රතන හිමියන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූර බලරහිත කිරීමේ නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා ඇතුළු එහි සාමාජිකයින්, එම කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය, එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, එක්සත් ජාතික පක්ෂයේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්, සහ නීතිපති ඇතුළු පිරිසක් නම්කර තිබේ.

පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු මහතා කියා සිටින්නේ සෑම පක්ෂයක් විසින්ම සිය ජාතික ලැයිස්තුවෙන් පත්කරනු ලබන මන්ත්‍රීවරුන් පිළිබඳ නම් ලැයිස්තුවක් සතියක් ඇතුළත ඉදිරිපත්කරන ලෙස දන්වා 2020 වසරේ අගෝස්තු මස 7 වන දා මැතිවරණ කොමිසම විසින් සියලුම පක්ෂ ලේකම්වරුන්ට දැනුම්දුන් බවය.

එහෙත් අදාළ කාලසීමාව තුළ එක්සත් ජාතික පක්ෂය හා අපේ ජන බල පක්ෂය විසින් ජාතික ලැයිස්තුවෙන් පත්කරනු ලබන මන්ත්‍රීවරුන්ගේ නම් මැතිවරණ කොමිසමට ලබා නුදුන් බව ද ඔහු චෝදනා කළේය.

එසේ නියමිත කාලය තුළ නම් ලබානොදී ඉන් මාස ගණනාවකට පසුව ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරු වශයෙන් රනිල් වික්‍රමසිංහ සහ අතුරලියේ රතන හිමි පත් කිරීමට මැතිවරණ කොමිසම ගනු ලැබූ ක්‍රියාමාර්ගය මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පෙත්සම්කරු පවසයි.

මේ තුළින් තමාගේ සහ රටේ ජනතාවගෙත් මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් නීතියට පටහැනි ආකාරයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු වශයෙන් පත්වී සිටින රනිල් වික්‍රමසිංහ සහ අතුරලියේ රතන හිමියන්ගේ මන්ත්‍රීධූර බලරහිත කිරීමේ නියෝගයක් නිකුත්කරන ලෙසත් පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු මහතා වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

Related posts

රට දෙකට කඩා වෙනම පාර්ලිමේන්තුවක් සහිත, ප්‍රාන්ත රාජ්‍යයක් හදන්න උතුරෙන් සම්මත වූ යෝජනාව මෙන්න

colombotoday

ඉඩම් ආරවුලකට මිනී මැරූ වෙඩික්කරු ගිනි අවියත් සමග බාරවෙයි

Admin

ස්මාර්ට් ජංගම දුරකථන අධිකව භාවිත කිරීම හේතුවෙන් විවිධ රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ජීවන රටා හා මනෝවිද්‍යා උපදේශක වෛද්‍ය ලසන්ත විජේසේකර මහතා පවසයි.

colombotoday

යළි හිස ඔසවන ඉස්ලාම් අන්තවාදය පිළිබඳව විශේෂ අනතුරු ඇඟවීමක්

colombotoday

අපි කවදාවත් වාහන ගන්නෑ කියලා නෑ

Admin

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය

Admin