Colombo Today Local News

සුසිල්, අනුර,එස්‌. බී, ඩිලාන් ඇතුළු යහපාලන ඇමැතිලා ගැන FCID නිහඩ ඇයි

fcid_yahap

පසුගිය ආණ්‌ඩුවේ සිටිමින් සිදුකළ මූල්‍ය අවභාවිතාවන් පිළිබඳ වත්මන් ආණ්‌ඩුවේ සිටින කැබිනට්‌ ඇමැතිවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, එස්‌. බී. දිසානායක සහ ඩිලාන් පෙරේරා ඇතුළු ඇමැතිවරුන් කිහිපදෙනකුට එරෙහිව පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය විසින් කෙරෙන පරීක්‍ෂණ මන්දගාමී බව ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවේ වැඩ කටයුතු කළ වත්මන් ආණ්‌ඩුවේ ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන් ගණනාවකට එරෙහිව මූල්‍ය අපරාධ කොට්‌ඨාසය විසින් සිදුකර ඇති පරීක්‍ෂණ මේ වන විට අවසන් කර ඇතැයි ද දිසානායක මහතා ප්‍රකාශ කළේය.

එහෙත් මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ හවුල් ආණ්‌ඩුව කිසිසේත් මෙම දූෂිතයන්ට දඬුවම් නොදෙන බව පෙන්නුම් කරමින් සිටින බවද හොරුන් දූෂිතයන් ආරක්‍ෂා කිරීමට මෙම හවුල් ආණ්‌ඩුව කටයුතු කරමින් සිටින බව ද හෙතෙම කීවේය.

මහින්ද රාජපක්‍ෂ පාලනය බිඳ දැමීමට ප්‍රධාන සාධකයක්‌ වූයේ වංචාව දූෂණය හා මහා පරිමාණ නාස්‌තිය බව කී අනුර කුමාර දිසානායක මහතා ඒ පිළිබඳ සොයා බලද්දී පෙනී යන්නේ ජනවාරි 08 දා ප්‍රකාශ කළාට වඩා වැඩියෙන් ඔවුන් හොරකම් කර, මහජන මුදල් නාස්‌ති කර ඇති බව යෑයි ද කීය.

මේ පිළිබඳ තොරතුරු අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ඇතැයි කී දිසානායක මහතා, පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය හමුවේ පරීක්‍ෂණ 193 ක්‌ ක්‍රියාත්මක වන බව ද කීය.

හිටපු ජනාධිපති පවුලේ අය, ඔහුගේ ඇමැති මණ්‌ඩලය, මන්ත්‍රීවරු, සමීපව වැඩ කළ රාජ්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, නගරාධිපතිවරුන් විශාල පිරිසකට එරෙහිව පරීක්‍ෂණ ක්‍රියාත්මක වන බව කී දිසානායක මහතා එම පරීක්‍ෂණවලින් 36 ක විමර්ශන අවසන් කර ඇතැයි ද කීය.

එහෙත් නීතිමය කටයුතු සඳහා නීතිපති උපදෙස්‌ ලබා දී තිබෙන්නේ පරීක්‍ෂණ නිම වූ ලිපි ගොනු හයකට පමණක්‌ බව කී දිසානායක මහතා මෙකී සමස්‌ත ක්‍රියාවලියෙන් ම පෙන්නුම් කෙරෙන්නේ මෛත්‍රී – රනිල් හවුල් ආණ්‌ඩුව දූෂිතයන්, හොරුන් ආරක්‍ෂා කිරීමට පියවර ගන්නා බව යෑයි ද කීය.

Related posts

මොඩර්නා එන්නත් මහනුවරට | රුසියාවේ ස්පුට්නික් එන්නත ඉදිරියේදී නොලැබෙන ලකුණු

colombotoday

රන්ජන්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday

සියළුම ආපනශාලා අහාර මිල ඉහළ දමයි

colombotoday

පොලීසියෙන් නීතිය අකුරටම.. බදුල්ල නගරයේ නීති විරෝධී ගව ඝාතකාගාරයක් වටලයි !

colombotoday

චැතැම් වීදියේ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර..

colombotoday

වගාව රැක ගන්න ගිය තිදරු පියාට අත් වූ ඉරනම

Admin