Colombo Today Local News

ඥානසාර හිමි විනාශ කිරීමේ “සිවූරෙන් බෙල්ල කැපිල්ල” කුමන්ත්‍රණය එලියට

shn 26565

බොදු බල සේනා ජාතික සංවිධානය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක රහස් සාකච්චාවක් පවත්වා ඇති බව අනාවරණය වෙනවා.

මෙම සාකච්චාව සදහා සුප්‍රසිද්ධ දේශපාලන චරිත දෙකක් සහ “සිංහලේ” නම යෙදු දේශපාලන පක්ෂයක සහ ජාතික සංවිධානයක ස්වාමින් වහන්සේලා සිව් නමක් ඇතුළු තවත් ගිහි පුද්ගලයන් කිහිප දෙනෙකු සම්බන්ධ වී ඇති බවයි වාර්තා වන්නේ.

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සිරගත වීමත් සමගම “සිංහලේ සග රජු” ලෙස අන්වර්ථ නාමයක් උන්වහන්සේ වෙනුවෙන් පටබැදීම තම සංවිධාන සහ දේශපාලන පක්‍ෂවල ඉදිරි කටයුතු සදහා විශාල බාදාවක් බවත්, ඥානසාර හිමිගේ ජනප්‍රියත්වය සීග්‍රයෙන් ඉහල යාම හේතුවෙන් 2020 වසරේදී ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂිත තම අරමුණු සදහා අහිතකර බලපෑමක් එල්ල වීමට ඉඩ ඇති බවට මෙහිදී කරුණු දක්වා ඇත.

ඥානසාර හිමි සිරගත වීමෙන් පසුව බොදු බල සේනා සංවිධානය ශක්තිමත්ව තබාගැනීම සදහා එහි ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතාට හැකිවූ බවත් ඔහුව චරිතමය වශයෙන් විනාශ කර දමන ලෙසත් මෙම ස්ථානයේ සිටි දේශපාලකයන් උපදෙස් ලබාදී ඇත.

සාකච්චාව අවසානයේදී මුදල් ගනුදෙනුවක්ද සිදුවී ඇති අතර එහි අවසන් ජවනිකා අද (2) සවස හෝ හෙට (3) දිනය තුල රග දැක්වෙනු ඇත.

 

Related posts

කෝටි 5ක කොකේන් ගිල ආ විදේශිකයෙක් රේගුවේදී අත්අඩංගුවට

colombotoday

කොවිඩ් දේහවල අවසන් කටයුතු කළ යුත්තේ සෞඛ්‍ය උපදෙස් මත එක නීතියක් යටතේයි. අස්ගිරි මල්වතු පාර්ශ්ව

colombotoday

ඇලෝසියස්ගේ අරක්කු සමාගමට රජයෙන් විශේෂ බදු සහනයක් !

colombotoday

රතන හිමි පොහොට්ටුවෙන් ඉවත්වූ බව කියන ලිපිය බොරුවක්…!

colombotoday

අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් හජ්ජුල් අක්බර් ත්‍රස්තවාදියා කොන්දේසි විරහිතව නිදහස් කෙරේ

colombotoday

“ගෝඨාභයට ආරක්ෂාව සහ පහසුකම් ලබාදීම රජයක වගකීමක්”

colombotoday