Colombo Today Local News

ඥානසාර හිමි ඇතුළු භික්ෂූන්ගේ නඩු කඩිනමින් විභාග කරන්න – අස්ගිරි මහනාහිමි ජනපතිගෙන් ඉල්ලයි

asgiri_maithri

ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා සම්බන්ධව කඩිනම් නඩු විභාගයක් පවත්වා උන්වහන්සේලා සම්බන්ධ තීන්දුවක් ලබාදෙන ලෙස අස්ගිරි මහා නාහිමියන් ප්‍රමුඛ අස්ගිරි සංඝකාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. අදට (02) යෙදෙන වාරිය‍පොළ සුමංගල හිමියන්ගේ ගුණ සමරුව නිමිත්තෙන් මෙම විශේෂ ඉල්ලීම ජනාධිපතිතුමන්ගෙන් කරන බව අස්ගිරි පාර්ශ්වයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ සංඝකාරක සභික මැදගම ධම්මානන්ද හිමියෝ ඊයේ (01) පැවසුහ.

වාරියපොළ සුමංගල හිමියන් එදා සිටි පාලකයින් ද්‍රෝහියකු ලෙස අර්ථ ගන්වා සිරගතාකළ නමුත් උන් වහන්සේව තවත් පිරිසකට වීරයකු වුවා පරිද්දෙන්ම මෙම භික්ෂුන් වහන්සේලාද සිරගත වුවේ රටේ පොදු මහජනතාවට බලපාන ප්‍රශ්න සම්බන්ධයෙන් කතාකිරීමට යාම නිසා බැවින් පවතින නීතියට ගරු කරමින් කඩිනම් නඩු විභාගයක් පවත්වා උන්වහන්සේලා පිලිබදව තීරණයක් ගතයුතු බවද ධම්මානන්ද හිමියෝ පැවසුහ.

Related posts

පොට්ටුඅම්මාන් ගැන හිටපු කොටි සාමාජිකයන්ගෙන් හෙළිදරව්වක්…

colombotoday

නාලක ගොඩහේවා FCIDයෙන් අත්අඩංගුවට ගනී

colombotoday

ලෝකයේ මිලියන දෙක හමාරක් මුස්ලිම්. දිගටම ආදාහනය කලොත් රටට විනාශයක් | බදුර්දීන්ගෙන් තර්ජන.

colombotoday

ශ්‍රීලනිප ආණ්ඩුව ස්ථීරයි.. අලුත් ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති මමයි – ජෝන් සෙනවිරත්න

colombotoday

මීගමුව බන්ධනාගාරයෙන් දුරකථන 61ක් සොයා ගනී

colombotoday

එක්ස්රේ පටලවල හිඟයක්… දත් ආශ්‍රිත සියලු එක්ස්රේ පරීක්ෂණ කල් යයි…

colombotoday