Colombo Today Local News

කොස්ගොඩ තාරකත් පොලිසියෙන් වෙඩි කයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර නොහොත් “කොස්ගොඩ තාරක“පොලිස් අත්අඩංගුවේ සිටිය දී සිදුකළ මෙහෙයුමක් අතරතුර පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටිය දී අද (13)දින අලුයම මීරිගම, රේන්දපොළ ප්‍රදේශයට විශේෂ මෙහෙයුමක් සඳහා රැගෙන ගොස් ඇති බවය.

එම අවස්ථාවේ දී ඇති වු සිදුවීමක දී පොලීසිය ගිනිඅවි මඟින් සිය බලය පාවිච්චි කිරීමේ දී 34 හැවිරිදි සැකකරු තුවාල ලබා මීරිගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

කෙසේවෙතත් එම සිදුවීමේ දී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ද තුවාල ලබා ඔහු වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

සැකකරුගේ මරණ පිළිබඳ විශේෂ විමර්ශනයක් බස්නාහිර පළාත උතුර නියෝජ්‍ය පොලිස්පතිගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

අදාළ සැකකරු කොස්ගොඩ, මාතර, මොරටුව හා කොට්ටාව ආදි පොලිස් වසම්වල සිදුවු මනුෂ්‍ය ඝාතන 7ක්, කොල්ලකෑම් 21ක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙක් මෙන්ම එම කටයුතු සංවිධානය කළ අයෙක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මොහු 2018 වසරේ දී මාතර නගරයේ රන්භාණ්ඩ වෙළෙඳසැලක් කොල්ලකෑමට නායකත්ව දී තිබු අතර, එහිදී පොලිස් නිලධාරීයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමක් සිදුකර තිබුණි.

Related posts

යල් පැන්න බන්ධනාගාර පනත් සංශෝධනයට පියවර

Admin

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරය අදින් ඇරඹෙයි..

Admin

මත්පෙති 305ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

මම හිතුවෙ වැඩි ඡන්ද දහදාහකින්වත් දිනයි කියලා – ජෝන්

colombotoday

ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් උපරිම ශක්තිය යොදවලා කටයුතු කරනවා – කෝට්ටේ මහානාහිමි

colombotoday

ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් මදුසංක තවදුරටත් රිමාන්ඩ්. පොලිසියේ ක්‍රියාකලාපය පිළිබඳව නීතිඥයින් කරුණු දක්වයි.

colombotoday