Colombo Today Local News

රජයේ වියදමින් ඔබේ ඉඩමේ පස් බුරුල් කරගැනීමට අවශ්‍යනම් ඇවිත් යන්න කියා මට ආරාධනා කරන්න

mahinda 2223

ඉදිරියේදී ආණ්ඩුව විසින් තමාවද අත්අඩංගුවට ගනු ඇති බව හිටපු ජනාධිපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මේ අයුරින් ගියහොත් නාමල් රාජපක්ෂ,ගෝඨාභය රාජපක්ෂ,බැසිල් රාජපක්ෂ,විමල් වීරවංශ,රෝහිත අබේගුණවර්ධන,කුමාර වෙල්ගම ආදීන් අත්අඩංගුවට ගෙන අවසානයේ තමාවද අත්අඩංගුවට ගනු ඇති බව රාජපක්ෂ මහතා කියා සිටියේ අද(28)මහනුවර ශ්‍රි දන්ත ධාතුන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

මේ සියල්ල සිදුකෙරෙන්නේ දේශපාලන හේතු නිසා බව ඔහු සඳහන් කළේය. මෙහිදී මාධ්‍යවේදීන් විසින් නව පක්ෂයක් බිහිකිරීම සම්බන්ධයෙන් පවත්නා ආරංචි මාර්ග පිළිබඳ විමසීමේදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ තමා ශ්‍රීලනිපයෙන් අස් නොවන බවයි. එසේම තමා අස්කරලීමට කිසිවෙකු කටයුතු කරන්නේනම් එයද අසීරු බව ඔහු මෙහිදී අවධාරණය කළේය.

පසුගියදා තම ආරක්ෂකයෙකුට අයත් ඉඩමක් බැකෝ යන්ත්‍ර දමා හෑරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජපක්ෂ මහතා කියා සිටියේ එහි පොල්,මඤ්ඤොක්කා ආදිය සිටුවීමට තීරණය කර තිබූ බැවින් පස් බුරුල් කරදීම ඉතා හොඳ කටයුත්තක් බවයි. ඒ අනුව තැන් තැන්වල පොළොව හාරාදීම හොඳ නමුත් පියාගේ සොහොන් කොත ළඟ හෑරීම පිළිබඳ තමාට වේදනාවක් ඇති බව රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේය. කාට හරි පොළොව හාරා ගැනීමට අවශ්‍ය නම් තමාට ඒ ප්‍රදේශයේ ඇවිත් යන්නට හැකියාවක් ඇති බවත්,එසේ කරනු ලැබුවහොත් රජයේ වියදමින් පොළොව හාරාදෙනු ඇති බවත් හෙතෙම සිහිපත් කළේය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය විසින් කරනු ලැබ ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් රාජපක්ෂ මහතාගේ අදහස කුමක්දැයි මෙහිදී විමසන ලදුව එයාට පිළිතුරු දීමට තමන් නොයන බවත්, ඒ සම්බන්ධයෙන් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගෙන් අසා දැනගන්නා ලෙසත් මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේය.ආර්ථිකය කඩාවැටෙද්දී,කිසිදු වැඩක් හරිහැටි කරගැනීමට හැකියාවක් නැති වෙද්දී ජනතා අවධානය වෙනතක යොමුකිරීමට විරුද්ධ මතධාරීන් අත්අඩංගුවට ගැනීම් හා බොරු චෝදනා එල්ල කිරීම් දිගින් දිගටම සිදුවන බව ඔහු කියා සිටියේය.

Related posts

සාරාගේ DNA පරික්ෂාවට සයින්දමරුදු පිපිරීමෙන් මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු කොටස් ගොඩ ගනී

colombotoday

ස්වර්ණවාහිනිය විකුණා ජනපති කොටු කරන තැතක්.. ගනුදෙණුව යට දූෂිත ඇමතියෙක් !

colombotoday

අරණායක නගරයේ අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ සිටින ප්‍රාකාරයට ප්‍රහාරයක් (ඡායාරූප)

colombotoday

ආර්ථික වැඩපිළිවෙල ප්‍රමාද වුණේ කුහක ශ්‍රීලනිප ඇමතිලා නිසයි (Video)

colombotoday

විකෘති ආගමික ඇදහිලි හොයන්න කැබිනට් කමිටුවක්

Admin

පාර්ලිමේන්තුවට බාර දුන් හඩපට 1500 ආපසු ගත්තා – රන්ජන්

colombotoday