Colombo Today Local News

බන්ධානාගාරයට ආ උපදේශකවරයාගේ පාවහන් යුගලයේ දුම්කොළ

ගාල්ල බන්ධනාගාරයට පැමිණි පාඨමාලා උපදේශකවරයෙකුගේ පාවහන් යුගලයේ සූක්ෂම ලෙස සඟවා ගෙන ආ දුම්කොළ පාර්සලයක් බන්ධනාගාර නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.

බන්ධනාගාරගත රැඳවියන්ගේ පුනරුත්ථාපන වැඩසටහන් යටතේ ක්‍රියාත්මක වන ලැදියා පාඨමාලා සඳහා මෙම උපදේශකවරයා පැමිණ ඇත.

සැකකරු අද (13) උදෑසන 9ට පමණ ගාල්ල බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුවෙන් ඇතුල්වීමට පැමිණ ඇති අතර එහිදි බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුව සෝදිසියකට ලක්කර තිබේ.

උපදේශකවරයා පැලඳ සිටි පාවහන් යුගලය තුළ මෙම දුම්කොළ පාර්සලය සඟවා තිබූ බව බන්ධනාගාර නිලධාරීන් පවසයි.

අත්අඩංගුවට ගත් දුම්කොළ සහ අදාළ සැකකාර පාඨමාලා උපදේශකවරයා ගාල්ල පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි මූලික විමර්ශන ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

වව්නියාවේ සිංහල ජනතාවට ඡන්ද අයිතියත් අහිමිකරයි.. ඡන්ද විමසීමේ ආඥා පනතෙන් සිංහල ගම්මාන ඉවතට

colombotoday

යාල්දේවි හෙට සිට යළි ගමන් අරඹයි

colombotoday

නීති විරෝධී පිස්තෝලයක් සමග වෙඩි නොවදින පපු ආවරණයක් සොයා ගනී

colombotoday

රනිල්ගේ නිවස ගිනිතියන්න ගිය නියෝජ්‍ය ඇමතිට බඩු බනිස්

colombotoday

වැසි නැති දවසක්

colombotoday

2015 මහින්ද පැරැද්දුවේ අපියි, මෙවරත් කවරු දැම්මත් පරද්දනවා, 50%ක් ගන්න දෙන්නෑමයි…

colombotoday