Colombo Today Local News

මංගල සමරවීර සමග ඇති වූ වාදයකින් පසු සෙන්පති චාගි යාපනෙන් කොළඹට මාරු කරයි!

chagi - pongala

යාපනය 51 වැනි සේනාංකාධිපති ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ මහතා කොළඹ හමුදා මූලස්‌ථානයේ පාබල හමුදා අධ්‍යක්‍ෂවරයා ලෙස මාරු කර ඇත.

යාපනයේදී විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති හමුවකදී මේජර් ජෙනරාල්වරයා හා විදේශ ඇමැතිවරයා උණුසුම් වාදයක පැටලීමෙන් පසුව මෙම ස්‌ථාන මාරුව ලබා දී ඇත.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය මගින් යෝජනා කර ඇති කමිටුවක්‌ සඳහා හමුදා මේජර් ජෙනරාල්වරුන් දෙදෙනකු ද ඇතුළත් කළ යුතු යෑයි ගාල්ලගේ මහතා විදේශ අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප වීමෙන් පසුව මෙම උණුසුම් වචන හුවමාරුව සිදුව ඇත.

විදේශ අමාත්‍යවරයා සහභාගි වූ මෙම හමුව පැවැතියේ මීට සති දෙකකට පෙරය.

මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ මහතා ජනපති ආරක්‍ෂක ඒකකයේ ප්‍රධානියා වශයෙන් ද කටයුතු කර ඇත.

සමන් ගමගේ – දිවයින

Related posts

ඉස්ලාමයට අපහාස කළ බව සඳහන් කරමින් ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ලාංකිකයින්ගේ නඩු තීන්දුව 22 වැනිදා

colombotoday

බේරුවල ඉස්ලාම් දේවස්ථානයක 3000ක් රැස්කර දානයක්. | පොලීසිය හා සෞඛ්‍ය අංශ නවතා දමයි.

colombotoday

බිල් නොගෙවූ අයගේ ජල කපන්න ගිය සේවකයාට තඩි බාලා

Admin

රජයට පාඩු කළ චෝදනාවට ඇමති කෙහෙළිය ඇතුළු තිදෙනෙක් ට රටින් පිටවීම තහනම්

Admin

IOCය ත්‍රිකුණාමලය පර්යන්තයෙන් තෙල් ලීටර මිලියන දෙකක් මුදාහරී

colombotoday

20ට ඡන්ද විමසීම අද

colombotoday