Colombo Today Local News

බෙල්ලන්විල පන්සල් භුමියේ බෝම්බයක්

බෙල්ලන්විල රජමහා විහාර භූමියේ තිබී ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබේ.

අද පෙරවරුවේ බෙල්ලන්විල විහාර භූඹිය පවිත්‍ර කටයුතු කරමින් සිටි අයකුට එම අත්බොම්බය හමුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සදහන් කළේය.

මෙම අත්බෝම්බය කිසියම් අයකු විසින් විහාර භූමියට පිටතින් සිට විසිකරනු ලබන්නට ඇති බවට සැක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

මෙය මේ වන විටත් ජීව තත්ත්වයේ පසුවුවද, එහි කොටස්වල මළ බැදී ඇති බවත් කලකට පෙර එම ස්ථානයට එය ගෙනැවිත් දමන්නට ඇති බවත් විශ්වාස කරන බව පොලීසිය කියයි.

Related posts

කාබනික කෘෂිකර්මාන්තය කරා සංක්‍රමණය වීමට ඉන්දීය සහය

colombotoday

තහනම නොතකයි.. පොංගු තමිල් ස්මාරකය යාපන විශ්වවිද්‍යාලයේ විවෘත වෙයි… උතුරට ස්වයංපාලනය ඉල්ලයි…

colombotoday

කොරෝනා යැයි සැකපිට 23ක් IDH රෝහලේ !

colombotoday

පොලිස් සෝදිසියකදී වැලි අස්සෙන් දැව මතුවෙයි

Admin

බඩ ඉරිගුවලට බැට දුන් සේනා, වට්ටක්කා, කව්පි වගාවක් ආක්‍රමණය කරයි…

colombotoday

මුහුණු වසා කඩු, පොලු රැගෙන ආ පිරිසකගේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් තරුණියක් මරුට. – දසදෙනෙකු රෝහලේ..

Admin