Colombo Today Local News

13 හැවිරිදි දැරියට පියා සහ 32 හැවිරිදි පෙම්වතා කළ අපරාධයේ තවත් තොරතුරු හෙළිවෙයි

13 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට තවත් කරුණු රැසක් අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය සිදුකළ විමර්ශනවලින් පසු කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනුණි.

නාවලපිටිය හරංගල ඉලුක්තැන්න ප්‍රදේශයෙන් එම සිද්ධිය වාර්තා වී ඇත.

දැරියව අපයෝජනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පිරිස අතර දැරියගේ පියා සහ පෙම්වතා බව පැවසෙන 32 හැවිරිදි පුද්ගලයෙකු ද වන බව වැඩිදුරටත් වාර්තා වේ.

එම දැරිය ඉකුත් 01 වනදා සිට නිවසින් අතුරුදන් වී සිට ඇති අතර ඒ පිළිබඳව ඇයගේ මව විසින් නාවලපිටිය පොලීසියට කරන ලද පැමිණිල්ල් අනුව පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.

ඒ අනුව අතුරුදන් වූ බව කියන දැරියව පසුගිය 7 වනදා දැරියගේ ඥාතීන් පිරිසක් විසින් නාවලපිටිය වටද්දර පොලීසිය වෙත භාරදී තිබේ.

පසුව නාවලපිටිය පොලීසිය වෙත ඉදිරිපත් කෙරුණු දැරියව නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර තිබුණි.

අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු ආනාවරණය වී ඇත්තේ ඉන් අනතුරුවය.

දැරිය විසින් එහිදී අනාවරණය කර ඇත්තේ, පියා විසින් තමන්ව අපයෝජනය කළ බවත් පසුව පෙම්වතා ගල් ගුහාවකට රැගෙන ගොස් දින කිහිපයක් රඳවාගෙන අපයෝජනය කළ බවත්ය.

Related posts

මෙරට උද්ධමනය සියයට 4.6 දක්වා පහළට

Admin

කසාවතට දිවි කැප කළ සිල් මාතාවක් ඔබෙන් කරන කාරුණික ඉල්ලීමක්….

colombotoday

විද්‍යා සිසුවිය ඝාතන නඩුවේ විනිසුරුට මහමගදී වෙඩි තබයි.. ආරක්ෂක නිලධාරියා මරුට!

colombotoday

පෞද්ගලික බස් හිමියන්ට ලැබෙන සහන වව්චර් පත

colombotoday

අයියාට පිහියෙන් ඇන මල්ලි ලොරියකට පැන දිවි නසා ගනී – මවත් ඇඳ යට මිය ගිහින්.

colombotoday

ජර්මන් පුරාවිද්‍යාඥයින් සමග ඒකාබද්ධව පබළුගල විශේෂ කැනීමක්

colombotoday