Colombo Today Local News

බස් රථයක් පෙරළී 13ක් රෝහලේ

පෞද්ගලික බස් රථයක් නානුඔය, රදැල්ල කෙටි මාර්ගයේදී පෙරළීයෑමෙන් සිදුවූ අනතුරකින් එම බස් රථයේ ගමන්ගත් 13 දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහලට ඇතුළත්කර ඇත.

තලවාකැලේ ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගීවීම සඳහා බිබිල ප්‍රදේශයේ සිට ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (22)දින පස්වරුවේ එළෙස අනතුරට ලක්වී තිබේ.

අධික බෑවුම් සහිත මාර්ගයේ ධාවනයවන අවස්ථාවේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා බස් රථය ඉදිරියට ඇදී ගොස් බවුසර් රථයක ගැටී අනතුර සිදුවී තිබේ.

Related posts

පෞද්ගලික බැංකුවක මිලියන 910ක මූල්‍ය වංචාවක් | සැකකරුවෙක් CID අත්අඩංගුවට

colombotoday

සංවර්ධනය මීටත් වඩා වේගවත් කළ හැකියි.. එසේ නොකරන්නේ “වෙනස” රැකගත යුතු නිසයි – අගමැති

colombotoday

එදා මුස්ලිම් අපිට මුහුණ වහන්න එපා කියපු අයට අද මුහුණ වහන්න වෙලා..!

colombotoday

අල්ලස් ගත් පොලිස් සැරයන්ට වැඩ වරදී…

Admin

ජනප්‍රිය රංගන ශිල්පී සැන්ඩෝ හැරිස් අභාවප්‍රාප්ත වෙයි

colombotoday

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දෙසැම්බර් වාරිකය බැංකුවට

Admin