World

25ට අඩු අයට ෆාමසිවලින් නොමිලේ කොන්ඩම්

අනවශ්‍ය ගැබ්ගැනීම් වැළැක්වීමේ පියවරක් ලෙස වයස අවුරුදු 18-25 අතර තරුණ තරුණයින්ට ඉදිරියේදී ඖෂධ හල්වලින් නොමිලේ උපත් පාලන කොපු ලබා ගත හැකිවනු ඇතැයි ප්‍රංශයේ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසයි.

බටහිර ප්‍රංශයේ තරුණයින් සමග සෞඛ්‍ය පිලිබඳ පැවති විවාදයක් අතරතුර, “එය ගැබ්ගැනීම වැළැක්වීම සඳහා කරන කුඩා විප්ලවයක්,” යනුවෙන් ඔහු ප්‍රකාශ කර ඇත.

වියදම් දරාගත නොහැකි වීම හේතුවෙන් වයස අවුරුදු 18ට අඩු තරුණියන්ට උපත් පාලනය කිරීමෙන් වැළකී නොසිටින්නැයි දියත් කළ වැඩසටහනක දිගුවක් ලෙස ප්‍රංශ රජය වයස අවුරුදු 25ට අඩු සියලු තරුණියන්ට නොමිලේ උපත් පාලන ලබාදීම ආරම්භ කිරීමෙන් පසුව මෙම පියවර ගෙන ඇත.

ඒඩ්ස් ඇතුළු ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලට එරෙහිව සටන් කිරීමට ගත් පියවරක් ලෙස වෛද්‍යවරයෙකු හෝ වින්නඹු මාතාවක් විසින් නිර්දේශ කරනු ලැබුවහොත් ජාතික සෞඛ්‍ය සේවා පද්ධතිය මගින් කොන්ඩම් සඳහා යන වියදම් දැනටමත් නැවත ලබා දීම සිදු කරන බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කර තිබේ.

සමස්තයක් ලෙස ලිංගික අධ්‍යාපනය ගැන ගත් කල, “මේ විෂය ගැන අපිට හොඳ අවබෝධයක් නැහැ. න්‍යායාත්මක කරුණුවලට වඩා යථාර්තය බොහෝ වෙනස්. අපේ ගුරුවරුන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දිය යුතු විෂයයක් මේක,” ජනාධිපති මැක්‍රොන් ප්‍රකාශ කර ඇත.

Related posts

පොලිස් බස් රථයකට ත්‍රස්ත ප්‍රහාරයක්

colombotoday

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයෝ කැනඩාවත් හොල්ලයි.. මෝටර් රථයකින් හප්පා, පිහියෙන් ඇන පලා යයි !

colombotoday

ඉස්ලාම් සමූහයකට අයත් බැංකු ගිණුම් තහනම් කරයි. Islam Defenders Front සංවිධානයත් ඒ අතර.

colombotoday

ලොව ලාබාලම අගමැතිනය ඉල්ලා අස්වෙයි

Admin

නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක්

Admin

මහින්දත් එක්ක යාවියෑයි බියෙන්, නැවත වරක් පුංචි ඡන්ද අපේක්ෂකයන්ගෙන් අයදුම්පත් කැදවයි

colombotoday