Colombo Today Local News

මාලිගාවත්තේ මනුෂ්‍ය ඝාතනයකට සැකපිට 6ක් අත්අඩංගුවේ

මාළිගාවත්ත, ජයන්ත වීරසේකර මාවත ප්‍රදේශයේදී යකඩ බටයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර අවුරුදු 34ක හා අවුරුදු 44ක වැලිසර හා කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (07)දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

තවදුරටත් සිදුකළ විමර්ශනයේ දී මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් සිව්දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් අවුරුදු 18,22,27 හා 31 වන වයස්වල පසුවන දෙමටගොඩ හා මරදාන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

සැකකරුවන් අද(8)දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වීම රෝගී තත්ත්වයක්

colombotoday

එජාපයේ ජනප‍්‍රියම නායකයා ගෝටාභයයි !

colombotoday

මර්වින් ජානාගේ කුඩු සල්ලි මාස එකොලහක් තුළ හුවමාරු වූ හැටි

colombotoday

තිස්ස වැව ව්‍යාපෘතියේ සිටි චීන ජාතිකයින්ගේ ඇඳුම මහජන චීන හමුදාවට අයත් නැහැ

colombotoday

අද දිවයින පුරා ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල් ලැයිස්තුව මෙන්න

colombotoday

ඌරන්ට ඇඳ තිබූ අනවසර විදුලි රැහැනක ගැටී දෙදරු පියෙක් මරුට

Admin