Colombo Today Local News

‘මහින්දට පක්‍ෂයෙන් යන්න පුළුවන්… පක්‍ෂ විනය කඩකළ අයට කිසි සමාවක් නෑ“ – දුමින්ද දිසානායක

duminda dissanayake

පක්‍ෂයෙන් යනවාද නැත්නම් ඉන්නවාද යන දෙකෙන් එකක්‌ පිළිබඳව අවසන් තීරණය ගැනීමට කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට දැන් පූර්ණ නිදහස ඇතැයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා පැවසීය.

”කිසිම කෙනෙක්‌ බලෙන් තියාගන්න අපිට අවශ්‍ය නැහැ. දූෂණ චෝදනා එල්ල වී ඇති අයට ඕනෑම වෙලාවක පක්‍ෂයෙන් යන්න පුළුවන්. ඒ සඳහා පක්‍ෂයේ දොරටු ඇර තිබෙනවා.” යයි පැවසු ශ්‍රීලනිප මහ ලේකම්වරයා, වැඩිදුරටත් මෙසේ ද කීය.

”දැන දැන පක්‍ෂ විනය සහ ව්‍යවස්‌ථාව කඩකිරීම සමාව දිය නොහැකි බරපතළ වරදක්‌. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ව්‍යවස්‌ථාව සහ පක්‍ෂයේ විනය නීති පිළිබඳව හිටපු සභාපති ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා හොඳින් දන්නවා. නමුත් එතුමා අද හැසිරෙන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට අලුතෙන් බැදුණු සාමාජිකයකු ලෙසයි. මේ නිසා බණ්‌ඩාරනායක අගමැතිතුමා ආරම්භ කරපු වසර ගණනාවක්‌ මේ රට පාලනය කරපු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට විශාල හානියක්‌ සිදුවෙලා.

පක්‍ෂය කඩන්න තැන් තැන්වල කුමන්ත්‍රණය කරන, රැස්‌වීම් තියන, මාධ්‍ය ඉදිරිපිට වීරයන් වගේ හැසිරෙන අයට විරුද්ධව පක්‍ෂයට ආදරය කරන ජනතාව දැන් නැගී සිටිනවා.” යෑයි ද මහ ලේකම්වරයා පැවසීය.

Related posts

අධිකරණය ගැන ලොකු කතා කී නීතීඥ සුගන්ධිකා අධිකරණයට නුසුදුසු ඇදුමක් ඇදන් ගිහින්.. විනිසුරුගෙන් දැඩි අවවාද.. නඩුවලට පෙනී නොසිටම ආපසු ගිහින්

colombotoday

අලුත්ම බෝම්බ 10ක් මුලතිව් පාලමක් යටින් හමුවෙයි…

colombotoday

කොවිඩ් මුස්ලිම් මරණ වැළලීමට රජයෙන් අවසර. | අලි සබ්‍රි තහවුරු කල බව තවුහිඩ් ජමාත් කියයි

colombotoday

හෙට විවෘත වන පාසල්

colombotoday

තදබදයට පිළියම් නැති කමෙන් කොළඹ ගමන් ඉබි ගමනේ. ධාවන වේගය පැයක කි.මි. 6ට අඩුවන ලකුණු.

colombotoday

ශ්‍රීලනිප මුලස්ථානයටත් හොරු පැනලා

colombotoday