Colombo Today Local News

හිටපු කොටි සාමාජිකයන්ට රජයෙන් දෙන මාසික දීමනාව දෙගුණයක් කරන්න, විග්නේශ්වරන් අගමැතිගෙන් ඉල්ලයි!

vigneshwaran 4515

ශ්‍රී ලංකා රජයේ හමුදා සමග සටන් කළ හිටපු කොටි සාමාජිකයන්ට, විශේෂයෙන් ආබාධිත වූ හිටපු කොටි සාමාජිකයන්ට රජයෙන් දැනට ලබාදෙන රුපියල් 3000ක මාසික දීමනාව ප්‍රමාණවත් නොවන බවත්, එය දෙගුණයකින් වැඩි කරන ලෙසත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කර ඇත.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත.

උතුරු පළාතේ සංවර්ධන කටයුතු පිළිබදව සාකච්ඡා කිරීම සදහා කැදවා තිබූ මෙම සාකච්ඡාවට උතුරු පළාත් මහ ඇමතිවරයා ඇතුළුව උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් පිරිසක් සමග අග්‍රමාත්‍යවරයා, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග, නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන්, මහා භාණ්ඩාගාරයේ හිටපු ලේකම් එස්.පාස්කරලිංගම් උතුරු පළාත් නව ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ ඇතුළු පිරිසක් සහභාගී වී ඇත.

උතුරු පළාත් සංවර්ධන කමිටුවට උපකාර කිරීමටත්, උතුරු පළාතේ ආයෝජනය කිරීමටත් ජපානය ඇතුළු බොහෝ විදේශීය රටවල් ඉදිරිපත් වී ඇති බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත. ඒ අතරම, උතුරු පළාතේ සංවර්ධනය සහ යලි පදිංචි කිරිමේ කටයුතු වලට අදාල සැලසුම් පිළිබඳව වාර්තාවක් ප්‍රධාන අමාත්‍යවරයා විසින් අග්‍රාමාත්‍යවරයාට භාරදී ඇත.

-Tamil24

Related posts

2016යේ දෙවෙනි බැඳුම්කර වංචාව : රවී ඇතුළු විත්තිකරුවන් 11 දෙනා මුදා හරි

colombotoday

මැයි 28 මහ මැතිවරණය පැවැත්වීමට එකඟ නොවන බව රත්නජීවන් හූල් මැතිවරණ කොමිසමට දන්වයි

colombotoday

NMR දත්ත මැකීම සම්බන්ධයෙන් එපික් ලංකා ඉංජිනේරුවකු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ

colombotoday

වවුචර් ක්‍රමය නවතී – පාසල් සිසුන්ට නැවතත් නිල ඇඳුම් රෙදි

colombotoday

නෞකා සදහා තෙල් සැපයුම් පොළක්… හම්බන්තොට වරාය ගෝලීය නාවුක සේවා සිතියමට….

colombotoday

මහ ඡන්දෙට එන ද්විත්ව පුරවැසියන් දෙදෙනා

Admin