Covid 19

ආසාධ්‍ය කෝවිඩ් රෝගීන් දැක බිය වී දැඩි සත්කාරෙන් පැන දිවූ තරුණයෙකු මිය යයි

අනුරාධපුර මෙත්සිරි සෙවණ කොවිඩ් දැඩි සත්කාර ඒකකයේ කලබලයක් ඇතිකර ඉන් පලා යමින් සිටි කොවිඩ් ආසාදිත තරුණයකු ඊයේ (11)දින අලුයම මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙසේ මියගොස් ඇත්තේ කොළඹ පිහිටි මූල්‍ය ආයතනයක සේවයේ නිරතව සිටි අනුරාධපුර, ජයසිරිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.

කොවිඩ් වැලඳීම නිසා නිවසේ ස්වයං නිරෝධායන ප්‍රතිකාර ලබමින් සිටි තරුණයාට සංකූලතා පෙන්නුම් කිරීම නිසා මෙත්සිරි සෙවණ කොවිඩ් ප්‍රතිකාර දැඩි සත්කාර ඒකකයට යොමුකර තිබේ.

පෙ​රේදා (10)දින අලුයම් කාලයේ ඔහු තමාට සවිකර තිබූ ශ්වසන යන්ත්‍ර ගලවා දමා ඇඳෙන් බැස ඔහුගෙ ඇඳට යාබදව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියාට ජල ප්‍රහාරයක් එල්ල කර දැඩි සත්කාර ඒකකයේ වීදුරු බිඳ දමා ඉන් පිටතට ගොස් තිබේ.

එසේ පැනගිය මෙම පුද්ගලයා සොයා ගිය රෝහල් කාර්ය මණ්ඩලයට ඔහු අසල පිහිටි ඇළ ඉවුරක සිහි මුර්ජා වී සිටින අයුරු දැක තිබේ. පිරිස ඔහු රැගෙනවිත් නැවත ප්‍රතිකාර කළද ඔහු මරණයට පත්වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පුද්ගලයා අසල්වැසි රෝගීන් සිහිමුර්ජා වී සිටින අයුරු හා කොවිඩ් රෝගීන්ගේ බරපතළකම දැක බියවීමෙන් ඇතිවූ මානසික සංකූලතාවක් නිසා මෙලෙස හැසිරෙන්නට ඇති බවට සෞඛ්‍ය අංශ සැක පහළ කරයි. රෝගියා කලහකාරීව හැසිරීම නිසා දැඩි සත්කාර ඒකකයේ වීදුර කිහිපයක් කැඩී බිඳී විනාශ වී තිබේ.

Related posts

එප්පාවල පෙම්වතියගේ නිවසට පැමිණි නාවික සෙබළාට කොවිඩ්

colombotoday

බුලත්කොහුපිටියෙන් කොවිඩ් ආසාදිතයින් 11ක්

colombotoday

කොවිඩ් ආසාදනය වූ මාස 7ක ගැබිනි මවක් මිය යයි

colombotoday

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවයි

colombotoday

හිගුරක්ගොඩ පොලිස් නිලධාරින් 13 දෙනෙකු නිරෝධායනයට

colombotoday

තවත් කොරෝනා මරණ 32ක්

colombotoday