යාපනය, කල්උන්නාඩි ප්රදේශයේ ලංගම බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය සඳහන් කළේ, රියැදුරුට බස් රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ඇති බවය.
තුවාල ලැබූ පුද්ගලයින් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
පොලීසිය පැවසුවේ, අද උදෑසන කරෙයිනගර් සිට යාපනය බලා ගමන් ගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවය.