Colombo Today Local News

ලිට්‍රෝ ගෑස් මිල වැඩිකිරීමට තීරණයක් ගෙන නෑ

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල වැඩිකිරීමට තීරණයක් ගෙන නොමැති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

කෙසේවෙතත් ලාෆ් ගැස් මිල ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය එම සමාගමට අවසර ලබාදී තිබේ.

ඒ අනුව ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක නව මිල රුපියල් 1,856ක් දක්වාත් කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 743ක් දක්වාත් ඉහළ දැමීමට අවසර ලබාදී ඇත.

නව මිල සංශෝධනයත් සමග ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක් රුපියල් 363කින් මිල වැඩිවී තිබේ.

කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල වැඩිවී ඇත්තේ රුපියල් 145කිනි.

Related posts

ඩොලර් මිලියන 11ක කිරි හරක් මගඩියක්? – හිටපු ලේකම්වරියක් CID කැඳවයි!

Admin

රිෂාඩ් බදුර්දින්ට හෙට රහස් පොලිසියට කැඳවීමක්

colombotoday

බෙදුම්වාදී ව්‍යවස්ථාව සහ අප ගත යුතු මග – ඥාණසාර හිමිගෙන් ප්‍රකාශයක් (Video)

colombotoday

1999 පන්නයේ අනුකම්පාව දිනා ගැනීමේ කුමණ්ත්‍රනයක්?

Admin

පාද යාත්‍රාවට පෙර බැසිල්, විමල් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් !

colombotoday

සහරාන්ගේ ෆේස්බුක් මිතුරන්ගේ තමිල්නාඩු රහස් නිවාස 7ක් වටලයි

colombotoday