Colombo Today Local News

(Video) “මිනිස්සුන්ට සල්ලි දීල ඉන්දියාවට විරුද්ධව උද්ඝෝෂණ කරාට වැඩක් වෙන්නේ නෑ“ – අගමැති

ranil 2554541

ඉන්දියාවට එරෙහිව මිනිසුන්ට සල්ලි දීලා උද්ඝෝෂණ කිරීමෙන් වැඩක් වෙන්නේ නෑ. ඒවාට උත්තරේ මාර්තු මාසේ වෙනකොට මහජනතාවම දේවි. ඊට පස්සේ ඉන්දියාව, චීනය ඇතුළු හැම රටක් එක්කම අපිට සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන්‘ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) බත්තරමුල්ලේ අපේගම පරිශ්‍රයේදී පැවසීය.

ශ්‍රී ලංකාවේ දුගී බව හා සෞඛ්‍ය පිළිබඳ ලෝක බැංකුවේ පර්යේෂකයන් සොයාගත් තොරතුරු වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතා ලෙස එක්වෙමින් අගමැති වික්‍රමසිංහ මහතා එසේ කීවේය.

මිනිසුන් පාරට දමන අයට කියන්නේ අපට ද ඒ වගේ දසගුණයක් පාරට දැමීමට හැකියාව ඇති බවයි යනුවෙන් පැවසූ අගමැතිවරයා සදහන් කර සිටියේ මාධ්‍යයද ඒ වෙනුවෙන් නිකරුණේ කාලය වැය නොකළ යුතු බවයි.

ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිත ෆ්‍රාන්සුවා ක්ලොට්, ජ්‍යෙෂ්ඨ ආර්ථිකවේදී ඩේවිඩ් නිව්හවුස් ද අමාත්‍යවරුන් වන එස්.බී.දිසානායක හා ආචාර්ය හර්ෂ ද සිල්වා ද එම අවස්ථාවට එක්වූහ.

https://youtu.be/HjnbxCel6E0?t=190

Related posts

මද්දකට හසුවූූ කළු කොටියා මියයයි

colombotoday

උසස් පෙළ විභාගයට යමින් සිටි පෙම්වතියට ඇසිඩ් පොවන්න ගිය නරුම පෙම්වතාටත් ඇසිඩ් පහර

Admin

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් විශේෂ නිවේදනයක්

colombotoday

මඤ්ඤොක්කා පැලයක් ගැල වූ සීයා පරලොව යවයි

Admin

පොලිස් අණ නොතැකේ.. මන්නාරමේ කොටි සුසාන භූමියක පහන් දල්වා මියගිය කොටි සමරති

colombotoday

නැති බැරි මුස්ලිම්වරුන්ට ඥානසාර හිමි මෛත්‍රීය දක්වයි.

colombotoday