Colombo Today Local News

FCID වහන්නලු.. මෙහෙම ගියොත් අධිකරණයත් වහන්න කියයි – බුද්ධික පතිරණ

බුද්ධික පතිරණ 56

FCID එක වසා දමන්නැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු කෑගැසූ පමණින් එය අහෝසි කිරීම මරණීය දණ්ඩනය ලබා දෙන නිසා අධිකරණ වසා දැමීමට සමාන යැයි මාතර දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ පවසයි.

තමන් පාරිශුද්ධ නම් කිසිදු කොමිසමකට බිය විය යුතු‍ නොමැති බවත් වත්මන් අගමැතිවරයා බටලන්ද කොමිසමට මුහුණ දී එයින් නිදොස් වුණු ආකාරය ආදර්ශයට ගෙන විපක්ෂයේ මන්ත්‍රීවරුන් කටයුතු කළ යුතු බවද පවසා සිටි.

FCID යනු බරපතළ මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් විධිමත් ආකාරයකින් විමර්ශන කටයුතු සිදු කරනු ලබන ස්වාධීන ආයතනයක් බවත් මේ වන විට එයට ලැබෙන පැමිණිලි සංඛ්‍යාව අතිවිශාල බවත් මහජනතාව රජය බලයට පත් කරන ලද්දේ එම මූල්‍ය වංචාවන් සෙවීමට මිස ඒවා යට ගැසීමට නොවන බවද පෙන්වා දුන් මන්ත්‍රීවරයා එය එක් රජයක් යටතේ පමණක් නොව දිගින් දිගටම පවතින්නක් විය යුතු බවද සදහන් කළා.

Related posts

ඔන්ලයින් පනත ගැසට් කෙරේ

Admin

2015 විශ්ව යෞවනයා කිරුළ ලංකාවේ දහම්ට

colombotoday

ලංකාවේ අමතර විදුලිය අපනයනය කරන්න සාකච්ඡා කලා

Admin

මසුන් මැරීමෙන් අකුසල් වන බව දේශනා කළ හිමිනමව දෙව්දත්ලා පස්දෙනෙකු පහරදී ඝාතනය කරයි

colombotoday

විමල්ගේ ප්‍රතිපත්තියට සජිත්ගෙන් පැසසුම්

colombotoday

ගාල්ලේදී සගවා තිබූ හමුදා ඇඳුම් 456 ක් සොයාගනී

colombotoday