Colombo Today Local News

බගවන්තලාව වත්ත මැද කොටස හුදකලා කරයි

බගවන්තලාව ආරියපුර 319-එස් ග්‍රාමසේවා වසමට අයත් බගවන්තලාව වත්ත මැද කොටස හුදකලා කර තිබේ.

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කළේ ඊයේ (11)දින එම වතු ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 28දෙනෙකු හදුනාගැනීමත් සමග මෙම තීරණය ගත් බවයි.

එම අසාදිතයන් වැඩි පිරිසක් එකම පවුලේ සමාජිකයන් වන නිසා වෛරසය පැතිර යාමේ අවධානම පාලනය කිරිම සදහා බගවන්තලාව වත්තේ මැද කොටස හුදකලා කර තිබේ.

හුදකලා කළ එම වත්තේ මැද කොටසේ පවුල් 114කට අයත් සාමාජිකයින් 374දෙනෙකු ජීවත්වන බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරයි.

මෙම තත්ත්වයත් සමගඑම වතු යායට දැඩි පොලිස් ආරක්ෂාවක් යෙදවීමට ද කටයුතු කර තිබේ.

Related posts

තමිලිනීගේ පොතෙන් සුදු කොඩි කතාව බොරු වෙයි.. කුපිත වූ ඩයස්පොරාව පොතේ පිටපත් විනාශ කරයි

colombotoday

ගෑස් රැගත් නෞකාවක් දිවයිනට

colombotoday

අපිට ආර්ථික ඝාතකයො නෑ.. මොන බාධක ආවත් ආර්ථිකය ගොඩ දාලයි පස්ස බලන්නේ

colombotoday

ආගමික කටයුතු හා නිදහසේ කාලය ගතකිරීමට පමණක් ගාලු මුවදොර පිටිය වෙන්කෙරේ

Admin

කොළඹ වරායට ආ අලුත් ගෑස් තොගයේ “එතිල් මකැප්ටාන්” නියමිත ප්‍රමිතියට නොමැති බව අනාවරණ වෙයි

colombotoday

අද සිට බිත්තර අලෙවි කළ හැකි මිල මෙන්න

colombotoday