Colombo Today Local News

ඉල්ලීම් ලැබෙන තුරු බස් වර්ජනයේ.. රටපුරා මගීන් මහ පාරේ !

මාර්ග වැරදි සඳහා දඩ මුදල් වැඩි කිරීමට විරෝධය පල කරමින් පෞද්ගලික බස් සංගම් කිහිපයක් විසින් අද (02) අළුයම සිට ආරම්භ කරන ලද බස් වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා මගී ප්‍රවාහනය අඩාල වී ඇති බව වාර්තා වෙයි.

අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය කියා සිටියේ පිලිගත හැකි විසඳුමක් ලැඛෙන තෙක් මෙම වැඩවර්ජනය අත්නොහරින බවයි.

ලංගම බස් රථ හා ඇතැම් පුද්ගලික බස් රථ වර්ජනයට සහභාගී නොවී සුපුරුදු පරිදි ධාවනයේ යෙදෙයි.

මේ හේතුවෙන් අද පෙරවරුවේ රාජකාරී කටයුතු සදහා යාමට බලාපොරොත්තුවෙන් බොහෝ පිරිස් මග දෙපස විශාල වශයෙන් රැදී සිටිති.

මේ අතර ත්‍රීරෝද රථ සංගම් සමහරක් ද අද වැඩවර්ජනයක නිරත වේ. ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සමිතියේ ලේකම් රෝහණ පෙරේරා මහතා කියා සිටියේ පෙරවරුවේ උද්ඝෝෂණ රථ පෙලපාලියක් ද සංවිධාන කර ඇති බවයි.

කෙසේ වෙතත් ඇතැම් ත්‍රීරෝද රථ සංගම් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්ව නොමැත.

Related posts

හන්තාන කදුවැටියේ කොටසක් ඉරි තලයි.. නායයාමක පෙර ලකුණු !

colombotoday

පක්ෂ නායක රැස්වීමේදී මනෝ ගනේෂන් ජනපතිගේ මුහුණටම කී‌ දේ

colombotoday

සාමාන්‍ය පෙළ හෙට ඇරඹේ…

colombotoday

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි

colombotoday

බදියුදීන් ඇතුළු ඉල්ලා අස්වූ සියලු දෙනා නැවත ඇමතිකම්වල දිවුරන්න සූදානම් !

colombotoday

බේරුවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුල ඉරිදා සහ පොහොය දිනවල ටියුෂන් තහනම්.

colombotoday