World

ඉන්දීය ක්‍රීඩක රිෂාබ් පාන්ට් අනතුරකට ලක්වෙයි

ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් අද (30) උදෑසන සිදු වූ රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ඔහු නවදිල්ලි බලායන අතරතුර රූර්කී නම් ප්‍රදේශය ආසන්නයේදී එම අනතුර සිදු ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

අනතුර සිදුවීමෙන් අනතුරුව රිෂාබ් ගමන් කරමින් සිටි මෝටර් රථය ගිනි ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බරපතළ තුවාල ලබා ඇති රිෂාබ් මේ වනවිට ප්ලාස්ටික් සැත්කමට භාජනය කර ඇති බව ද වාර්තා වේ.

රිෂාබ් ට නින්ද යෑම හේතුවෙන් අනතුර සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

Related posts

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත ලොක්කාගේ පුතාත් මරුට

colombotoday

කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 35 පන්නයි.

colombotoday

නිවුන් සොහොයුරියන් කොවිඩ් නිසා එකටම අවසන් ගමන් යයි

colombotoday

ජෝ බයිඩන් ඊශ්‍රායල-හමාස් ගැටුමේ විරාමයක් ඉල්ලයි

Admin

‍සියයට 500කින් කියුබාවේ ඉන්ධන මිල ඉහළට

Admin

හොරකම් කරපු දියමන්තිය ඉල්ලා බ්‍රිතාන්‍ය රැජිනට ඉන්දියාවෙන් නඩු දමයි

colombotoday