Colombo Today Local News

ගොවියන්ටත් ඩොලර් ලැබෙන වැඩක් අරඹයි

මෙරට කෘෂි නිෂ්පාදන අපනයනකරුවන් දිරි ගැන්වීමේ වැඩ සටහනක් 2023 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය කරන ව්‍යවසායකයින් පිරිසක් සමග කොළඹ 07 හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ පැවැති සාකච්ඡාවකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසූයේ අපනයනය ඉලක්ක කර ගත් කෘෂිකාර්මික ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා රජය උපරිම පහසුකම් සැපයීමට තීරණය කර ඇති බවයි.

අපනයන කෘෂිකාර්මික අංශයේ ප්‍රවර්ධනය සඳහා 2023 අයවැයෙන් සැලකිය යුතු මුදලක් ලබා දී තිබෙන බවද තල, මුං ඇට, සෝයා බෝංචි වැනි ධාන්‍ය වර්ගවලට මෙන්ම එළවළු හා පලතුරුවලට ජාත්‍යන්තර වෙළෙඳ පොලේ පවතින ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට සැලසුම් සකස් කරන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා සදහන් කරයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය මගින් මෙි වන විටත් ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 12,500ක් බැගින් සති පතා ඩුබායිවලට අපනයනය කරන බවද අමාත්‍යවරයා පැවසීය.

Related posts

ජනපති ජනවරමට පිටුපෑවා… මැතිසබය විසුරුවීම නිසා රටේ නම කැතවුණා… මම සිත් වේදනාවෙන් – හිටපු අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

IMF සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුව අද වොෂින්ටන් නුවරදී ඇරඹෙයි

colombotoday

නීතිවිරෝධී ලෙස විදෙස්ගත වීමට උත්සාහ කළ දෙදෙනෙකු අත්අඩංගුවට

Admin

කොවිඩ් එන්නත් මිලදීගැනීමේ ගිවිසුමට නීතිපතිවරයාගේ අනුමැතිය

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩවල වෙළෙඳපොල කඩා වැටෙයි

colombotoday

වැඩිමිලට බිත්තර අලෙවි කරන්නන් සොයා වැටලීම්

Admin