Colombo Today Local News

මානව හිමිකම් කුමාරයා දිවයිනට.. “හමුදාව දංගෙඩියට යවන්න අප ඉඩ දෙන්නේ නෑ“ කොළඹ අද විරෝධතා!

seidh-radh-hussein

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් සෙයිද් අල් හුසේ EK650 යන ගුවන් යානයෙන් අද (06) උදෑසන දිවයිනට පැමිණියා. ඔහුත් සමග 6 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක්ද පැමිණ අතර විදේහ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කටුනායක ගුවන්තොටුපොළේදී ඔවුන් පිළිගනු ලැබුවා.

එක්සත් ජාතීන්ගේ මනව හිමිකම් කොමසාරිස්වරයා ලබන 10 වනදා දක්වා දිවයිනේ රැදී සිටී. ඔහු උතුරු පළාතේද සංචාරය කිරීමට නියමිතව ඇති අතර රජයේ සහ ද්‍රවිඩ සන්ධානයේ ප්‍රධානීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මේ අතර එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පාමින් ජාතික නිදහස් පෙරමුණ ලිප්ටන් වටරවුමෙදී දැවැන්ත විරෝධතාවයක් පවත්වන බව එම පෙරමුණ පවසයි. මහ කොමසාරිස්වරයාගේ පැමිණීමට විරෝධය පා ජාති නිදහස් පෙරමුණ ඊයේ කොළඹ කොටුවේදී අත් පත්‍රිකා බෙදා දීමක්ද සිදු කළා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මොහොමඩ් මුසම්මිල් පවසා සිටියේ , මානව හිමිකම් කොමසාරිස්වරු ශ්‍රි ලංකා හමුදාවට එරෙහිව බොරු චෝදනා එල්ල කරමින් සිටින බවයි.රටේ රණවිරුවන් හුසෙන්ගේ දංගෙඩියට ගෙන යෑමට ඉඩ නොදෙන බවත් ඒ සදහා සියළු දෙනා පෙළගැසිය යුතු බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කලේ.

Related posts

අන්තවාදීන් රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණයට රිංගා ඇතැයි නාහිමිවරු 12 නමක් ජනාධිපතිට කියති.

colombotoday

අර්ථසාධක අරමුදල් නොගෙවන හාම්පුතුන්ගෙන් ඒවා අයකර ගැනිමට පියවර

colombotoday

විදෙස් රැකියා ආයතන බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු වැඩිකරමින් ගැසට් නිවේදනයක්

Admin

බදුල්ල රෝහලට පැමිණි වෛද්‍යවරයාගේ‍ මෝටර් රථයෙන් කඩුවක් හමුවෙයි

colombotoday

යුද්ධය කළ බුද්ධි අංශ නිලධාරීන් දැන් නාකියි.. ඔවුන් ගෙදර යවා අපි නවීන හමුදාවක් හදනවා !

colombotoday

මට්ටකුලියේ බෝට්ටු කර්මාන්ත ශාලාවක ගින්නක්

colombotoday