Colombo Today Local News

සේවා ස්ථාන මාරුව ගැන පාසල් ගුරුවරුන්ට විශේෂ දැනුම් දීමක්

මෙම වසර තුළදී විවිධ හේතු මත තමාගේ නිත්‍ය සේවා ස්ථානය වන පාසල්වලින් බැහැරව ලබන 31 වන දින දක්වා වෙනත් පාසල්වල සේවය කරන ගුරුවරුන්‍ගේ අනුයුක්තය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අදාළ ගුරුවරුන්ට ඉදිරියේදී මාරු මණ්ඩල මගින් ස්ථාන මාරුවීම් ලබාදෙන තෙක් 2022 පාසල් අධ්‍යයන වර්ෂය අවසන් වන ලබන වසරේ මාර්තු මස 24 වනදා දක්වා ඔවුන්ගේ අනුයුක්ත කිරීම දීර්ඝ කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.

ඒ අනුව ලබන 31 වනදා දක්වා අනුයුක්තව සිටින ගුරුවරුන් සම්බන්ධයෙන් නැවත ලිපියක් නිකුත් නොකරන බවද සඳහන්.

එමෙන්ම පසුගියදා මීට අදාලව නිකුත් කර ඇති ලිපිය ලබන වසරේ මාර්තු 24 වනදා දක්වා බලාත්මක බවද අධ්‍යාපන අමාත්‍යාංශය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

එම නිවේදනය පහතින්

Related posts

විධායකය අහෝසියට මහින්ද-ජවිපෙ සාකච්ඡා ලබන සතියේ…

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

Admin

කලවාන මූලික රෝහලේ වාට්ටුවක් වසා දමයි

colombotoday

රැකියා නැති 65කට උපදේශක රැකියා දීම දූෂණයක් නොවේ – ඇමති කිරිඇල්ල

colombotoday

ශ‍්‍රී පාදයේ නම ශීව පාදම් ලෙස වෙනස් වෙයි… ප්‍රාදේශීය සභාවේ යෝජනාව සම්මතයි

colombotoday

මට්ටකුලියේ බෝට්ටු කර්මාන්ත ශාලාවක ගින්නක්

colombotoday