Colombo Today Local News

බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවස කොල්ල කෑ හොරු අල්ලයි

බම්බලපිටිය ස්කෙල්ටන් පාරේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසින් රුපියල් කෝටි 25 කට ආසන්න, දේශීය සහ විදේශීය මුදල්, රන් රිදී මුතු මැණික් සහ පිස්තෝල ගිනි අවියක් සොරාගත් පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

බොරැල්ල සහ බම්බලපිටිය පොලිසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොම්පඤ්ඤ වීදිය ධනුෂ්ක නොහොත් කොණ්ඩයා සහ හෝකන්දර කොමනා, බෙල්ලා, විරිදු රුවන් හා කළු මල්ලි යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන දිවයිනේ ලියාපදිංචි අපරාධ කරුවෙකු වන ජයකොඩිගේ රුවන් ප්‍රේම කුමාර නමැත්තාය.

සැකකරුවන් දෙදෙනා සන්තකේ තිබී එම නිවසින් සොරාගත් දේපළවලින් ග්‍රෑම් 380 ක් බර රන් ආභරණ, අමෙමරිකානු ඩොලර් 10,000 ක්, ජපන් යෙන් 100,950ක්, රෝලෙක්ස් අත් ඔරලෝසු, මැණික් ගල්, රුපියල් ලක්ෂ 174 ක මුදල් සහ පිස්තෝල ගිනි අවියක් සොයාගෙන තිබුණි.

එසේම සැකකරුවන් සතුව තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් දහයකට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.

ඉකුත් 16 වනදා ධනුෂ්කගේ මඟපෙන්වීම මත අනෙක් සැකකරු කෝටිපති ව්‍යාපාරිකයාගේ තෙමහල් නිවසේ දෙවන මහලේ නාන කාමරයේ සුළං කවුළුවෙන් නිවසට ඇතුළු වී අල්මාරිවල තිබූ මෙම දේපළ සොරාගෙන පළාගොස් තිබිණ.

ඔහු සොරකම සිදුකරන අවස්ථාවේදී කෝටිපති ව්‍යාපාරිකයෙක් බිරිඳ සහ සේවිකාවන් දෙදෙනා පහත මාලයේ සිට ඇතැයි පොලීසිය කියයි.

සොරාගත් දේපළ ව්‍යාපාරිකයාට, බිරිඳට, සහ පුතුගේ බිරිඳට අයත් ඒවා බව විමර්ශන සිදුකරන පොලිස් නිලධාරියකු පවසයි.

එම නිවසේ සවිකර තිබූ සීසීටීවී දර්ශන අනුව සිදුකළ විමර්ශනවලදී එක සැකකරුවෙක් මරදාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන සිදුකළ පරික්ෂාවේදී සොරාගත් දේපළවලින් යම් කොටසක් ඔහු සතුව තිබියදී හමුවූ බව බොරැල්ල පොලීසිය කියයි.

ඔහු ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී කොණ්ඩයා නැමැත්තා පිළිබඳ තොරතුරු අනාවරණයවීමෙන් පසු බම්බලපිටිය පොලීසිය මගින් එම සැකකරු ද අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ එකසිය එකක් සහ පිස්තෝල ගිනිඅවිය පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් කොමනා නමැති සැකකරු මිතුරන් අතරේ රුපියල් පන්දහසේ කොළ බෙදාහැර ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

Related posts

Video: බොදු බල සේනා දිවිසරණින් වැලිවිට ජනතාවට අස්වැසිල්ලක්

colombotoday

ජාතික ඉන්ධන බලපත්‍රයට ලක්‍ෂ 5ක් ඉන්ධන අරගෙන

colombotoday

58 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරට මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා පත් වෙයි

colombotoday

එක්නැලිගොඩ නඩුවට සිරගත කළ, කර්නල් ශම්මි කුමාරරත්න යළි සේවයේ පිහිටුවයි

colombotoday

අල් කාසිම්වලින් නිරෝධායනයට යැවු දැරියකටත් කොරෝනා

colombotoday

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩිකිරීමට කලයුතු දේ ගැන මෛත්‍රී කතා කරයි

colombotoday