Colombo Today Local News

සිසුවියට අරක්කු පොවා තිදෙනෙක් දූෂණය කරලා

රක්වාන පදිංචි අවුරුදු පහළොවක් වයස බාලවයස්කාර පාසල් සිසුවියක ත්‍රීරෝද රථයකින් පැහැරගෙන පාළු නිවසකට රැගෙන ගොස් බලහත්කාරයෙන් අරක්කු පොවා වෙරි වූ පසු දුෂණය කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 24 හැවිරිදි වියේ පසුවන රක්වාන පොලිස් වසමේ පදිංචිවාහක එක්දරු පියෙකි.

මෙම සැකකරු මෙම බාලවයස්කාර සිසුවිය දූෂණය කළ පසු ඔහුගේ මිතුරන් දෙදෙනකු ද ඒ අවස්ථාවෙම බරපතළ ලෙස ඇය ලිංගික අපයෝජනයට ලක්කර ඇතැයි පොලිසියට පවසයි.

සිසුවිය බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ බව කියන එම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ද රක්වාන පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වයි.

මුලින්ම අත්අඩංගුවට ගත් 24 හැවිරිදි සැකකරු සමඟ මෙම සිසුවිය ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

බාලවයස්කාරිය ට බලහත්කාරයෙන් අරක්කු පොවා වෙරි වූ පසු පෙම්වතා බව කියන 24 හැවිරිදි පුද්ගලයා මුලින්ම ඇය දූෂණය කළේ යෑයි කියන අතර පසුව ඔහුගේ මිතුරන් දෙදෙනා ඇයට බරපතළ ලිංගික අපයෝජනයක් කර ඇතැයි පොලීසිය පවසයි.

Related posts

ඒකාබද්ධයේ රත්නපුර ප්‍රබලයෙක් අද මෛත්‍රී පිළට !

colombotoday

එස්.බී. නාවින්න සජිත්ගේ සහයට එක්වෙයි !

colombotoday

වත්තල ගිනි තබා කාන්තාවක් ඝාතනය කල සිද්ධියේ හෙළිවූ සුළමුල

colombotoday

ඖෂධ හදිසි මිලදී ගැනීම් නවතයි

Admin

ETI සහ ද ෆිනෑන්ස් ආයතන තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කරන්නැයි ජනපතිගෙන් මහ බැංකු නිලධාරීන්ට උපදෙස්

colombotoday

යාපන ශිෂ්‍ය සංගමයට හිටි හැටියේම සිංහල බැරිවෙයි.. ආණ්ඩුකාරයාගේ ලිපිය හරවා යවයි !

colombotoday