ලෝක ශූර ආර්ජන්ටිනා කණ්ඩායම පිළිගැනීම සඳහා සංවිධානය කර තිබූ උත්සව අතරතුර සිදුවූ අනතුරකින් 24 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවත් තවත් අවුරුදු 5ක දරුවකු කොමා තත්ත්වයට පත්වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ලෝක ශූර ආර්ජන්ටිනා කණ්ඩායම පිළිගැනීම සඳහා ඔවුන්ගේ බසය ගමන් ගන්නා මාර්ගය දෙපස ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එක් රැස් ව සිට ඇති අතර බසය ගමන් ගන්නා මාර්ගයට ඉහළින් තිබූ පාලමක සිට ආර්ජන්ටිනා කණ්ඩායම ගමන් ගත් බසයට ක්‍රීඩා ලෝලීන් පැනීමත් සමඟ ආර්ජන්ටිනා කණ්ඩායම ගුවනින් එම ස්ථානයෙන් ඉවත් කිරීමට සිදුවූ බව විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත.