Colombo Today Local News

2022 වසරේ සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 855.8කින් ඉහළට

2021 වසරට සාපේක්ෂව 2022 වසරේදී සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 855.8කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

2021 වසරේ ජනවාරි මස සිට නොවැම්බර් මාසය දක්වා මාස 11ක කාලසීමාව තුළ සංචාරක ඉපැයීම් ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 273.6ක මුදලක් උපයා ඇති බව ද 2022 වසරේදී එම අගය ඩොලර් මිලියන 1,129.4ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද මහ බැංකුව සඳහන් කරයි.

මේ අතර, 2021 වසරට හැරෙන්නට 2022 වසරේදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 1,04,989 සිට 6,28,017 දක්වා පන්ලක්ෂ විසිතුන්දහස් විසි අටකින් (5,23,028) ඉහළ ගොස් ඇති බව ද මහ බැංකුව සඳහන් කරයි.

2021 වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව 2022 වසරේ නොවැම්බර් මාසයේදී සංචාරක පැමිණීම 44,294 සිට 59,759ක් දක්වා පහළොස් දහස් හාරසිය හැටපහකින් (15,465) ඉහළ ගොස් ඇති බවද මහ බැංකුව සඳහන් කරනු ලබයි.

ඊට අමතරව විදෙස්ගත සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2021 වසරට සාපේක්ෂව 2022 වසරේදී මාස 11ක කාලසීමාවක් ඇතුළත රුපියල් බිලියන 1,021.7 සිට රුපියල් බිලියන 1,079.8ක් දක්වා රුපියල් බිලියන 58.1කින් ඉහළ ගොස් ඇති බව ද මහ බැංකුව සඳහන් කරන අතර 2021 වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව 2022 වසරේදී ප්‍රේෂණ ලැබීම් ඩොලර් බිලියන 54.8ක සිට ඩොලර් බිලියන 139.7ක් දක්වා ඩොලර් බිලියන 84.9කින් ඉහළ ගොස් ඇති බව ද මහ බැංකුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Related posts

අන්තරේට ඇතුලු වෙන්න තහනම් කරපු තැන් මෙන්න

Admin

ඉඩමක් නැති අයට අගමැතිගෙන් ඉඩමක්

colombotoday

වසවිෂ රට කිරි වෙනුවට මිල්කෝ-හයිලන්ඩ් ඉල්ලුම ඉහළට… නිශ්පාදන වැඩි කරන්න කෘෂි ඇමතිගෙන් උපදෙස්

colombotoday

බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම අවසන් විය යුතුයි- ජනපති

colombotoday

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපතිට දඬුවම් ?

colombotoday

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් කොටි නායකයෙක් ලංකාවට පිටුවහල් කරයි !

colombotoday