Business

සම්මත කෙරුණු අලුත් බදු පනවන දිනය මෙන්න

පසුගියදා සම්මත කෙරුණු දේශීය ආදායම් (සංශෝධන) පනතෙන් පැනවුණු බදු (බදු සංශෝධන) ක්‍රියාත්මක වන්නේ ජනවාරි 1 වැනිදා සිට බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කිරීමත් සමග එම පනත් කෙටුම්පත පෙරේදා (දෙසැ.19) සිට බලාත්මක විය.

කතානායකවරයාගේ සහතිකය සමග මෙම පනත් කෙටුම්පත නීති පද්ධතියට එක්වූයේ 2022 අංක 45 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත ලෙසය.

දේශීය ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 42 කින් සම්මත විය.

පනතට පක්ෂව ඡන්ද 83 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද හතළිස් එකක් පමණි.

ඉන්පසු පනත් කෙටුම්පත තෙවනවර කියවීම සඳහාද විරුද්ධ පාර්ශවය ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය.
එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 79ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද තිස් හයක් පමණි.

Related posts

12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1257 කින් ඉහළට.

colombotoday

රුපියලේ අගය තවදුරටත් පහතට

colombotoday

ඇමෙරිකානු ඩොලරය රු 190.61 දක්වා ඉහලට

colombotoday

ආර්ථික ඔස්තාර්ලා සිටිද්දී රුපියල 3.8% කින් පිරිහිලා

colombotoday

කොටස් වෙළෙඳපොලේ ගනුදෙනු නවතයි

colombotoday

ගමක මිනිස්සු හූරා කෑමට Dialog දැරූ උත්සාහය. | 3000 ක් ඉල්ලුවේ නෑ කියලා වොයිස් කට් එකකුත් ඉල්ලලා. | හාමුදුරුවෝ සියල්ල හෙළිකරති.

colombotoday