World

තායිලන්ත රාජකීය නාවික හමුදාවේ නෞකාවක් අනතුරක

තායිලන්ත රාජකීය නාවික හමුදාවට අයත් නෞකාවක් අනතුරට පත්වීමෙන් නාවික භටයෝ 33 දෙනෙක් අතුරුදන් වූහ.

අතුරුදන් වුණු පිරිස සොයා මෙහෙයුම් ආරම්භ කළ බව නාවික හමුදාව පවසයි.

අයහපත් කාලගුණය හේතුවෙන් අනතුරට පත්වූයේ එච්.ටී.එම්.එස් සුඛොතායි නෞකාවය. අනතුරට පත්වෙද්දී නාවික භටයෝ නාවිකයන් 106 දෙනෙක් නෞකාවේ සිටියහ.

මුහුදට ගසාගෙන ගිය නාවික භටයන් තිදෙනකු බේරා ගැනීමට හැකිවී ඇති නමුත් ඔවුන්ගේ තත්ත්වය බරපතල යැයි ද පැවැසෙයි.

සැඬ සුළඟට සහ ධාරාණිපාත වර්ෂාවකට මැදිවුණු, මීටර 76.8 ක් දිග සුඛොතායි නෞකාවේ යාන්ත්‍රික පද්ධතිය ද අඩපණ වූ බව පැවැසෙයි. ඒ, ජලය කාන්දු වීමෙනි.

ටොන් 960 බර මෙම සුඛොතායි නෞකාව, 1987 දී තායිලන්ත නාවික හමුදාවට එක් කර ගත් බව ද පැවැසෙයි.

Related posts

පලස්තීන භූගත මාර්ග පද්ධතියට ඊශ්‍රායලය ගුවන් යානා 160 කින් පහර දෙයි.

colombotoday

නැගෙනහිර චීනයේ තෙල් පිරිපහදුවක ගින්නක්

colombotoday

කෝටි 200ක මුදල් වංචාවට ජැකලින් විත්තිකාරියක් කරයි

colombotoday

නවසීලන්තය හදිසිි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරයි

colombotoday

ක්‍රිකට් පිටියට එන මසායි ගෝත්‍රිකයෝ

colombotoday

ලෝක බාලදක්ෂ ජම්බෝරිය අවලංගු කෙරේ…

Admin