Colombo Today Local News

මහ කන්නයේ දී වගා හානි වූ ගොවීන්ට වන්දි

2021-2022 මහ කන්නයේ දී වගා හානි සිදුවූ ගොවීන්ට රුපියල් මිලියන 657ක මුදලක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් වන්දි වශයෙන් ලබා දී තිබේ.

කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කළේ නියඟය, ගංවතුර හා වන අලි මගින් වගාවන්ට සිදුවු හානි සැළකිල්ලට ගනිමින් මෙම වන්දි මුදල් ප්‍රදානය කිරීමට පියවර ගෙන ඇති බවයි.

මේ යටතේ ගොවීන් 31,613 කට අක්කර 42,934 ක් සඳහා වන්දි ලබා දීමට කටයුතු යොදා තිබෙන අතර ඉන් වැඩිම වන්දි මුදල් ප්‍රමාණයක් හිමිවන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයටයි.

එම දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 81ක්, පොලොන්නරුවේ මනම්පිටියට රුපියල් මිලියන 69ක්, මොනරාගලට රුපියල් මිලියන 68ක් ද වශයෙන් වන්දි ලබා දී තිබේ.

මේ අතර බෝග වර්ග හයක් සඳහා අක්කරයකට ලබා දෙන රක්ෂණ මුදල රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බවද අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

වී, බඩඉරිඟු, අර්තාපල්, මිරිස්, ලොකු ළූනු, හා සෝයා බෝංචි සඳහා වගාහානි ලබා දීමට මෙම රක්ෂණ ක්‍රමය මගින් සැළසුම් කර ඇති බව ද සදහන් ය.

Related posts

විදුලි ගාස්තු වැඩි කරන්න අවසර දෙන්නේ නෑ! – මහජන උපයෝගීතා කොමිසම කියයි

Admin

ගිලෙන නැවේ මීයෝ වගේ එකා දෙන්නා රනිල්ව දාලා යනවා… “බල සුභ නිමිති පෙරමග නැකතටත් වැඩි…” – මුසම්මිල්

colombotoday

ICC ප්‍රධානියාට පාර්ලිමේන්තුවට එන්න කියමු. නැතිනම් ක්‍රිකට් බලධාරීන් වැරදි මතයක් දෙයි – සජිත්

Admin

අසාද් සාලිගේ දිව කපයි – සරත් ෆොන්සේකා

colombotoday

මොණරාගල බන්ධනාගාරයේ ගැටුමකින් මැස්සා මියයයි

colombotoday

අයවැය විසර්ජන පනත මැතිසබයට

colombotoday