Colombo Today Local News

අයවැය විවාදයට පාර්ලිමේන්තුව රැස් වෙන්න කෝටි 20ක් ගිහින්

අයවැය විවාද කාලයේදී පාර්ලිමේන්තු රැස්වීම් වෙනුවෙන් රුපියල් කෝටි 20කට ආසන්න මුදලක් වැයවී ඇතැයි වාර්තාවේ.

මන්ත්‍රීවරුන්, අමුත්තන්,නිලධාරීන් සහ සේවකයන්ට ආහාර පාන සැපයීම, ඉන්ධන විදුලිය ජලය, පඩි නඩි සහ දීමනා යනාදිය වෙනුවෙන් මෙම මුදල් වැයවී ඇති බවද වාර්තාවේ.

අයවැය විවාදය පැවැත්වුණු මුළු දින ගණන 20කි.

අයවැය විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගිය නොවැම්බර් මස 14 වැනිදා ඉදිරිපත් කරනු ලැබීය.

ඉන් පසු අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 15 වැනිදා ආරම්භවී එම මස 22 වැනිදා දක්වා දින හතක කාලයක් පැවැත්විණ.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 වෙනිදා ආරම්භවූ අතර විවාදය පසුගිය 8 වෙනිදා දක්වා දින 13ක් පැවැත්වුණේය.

මේ අතර මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් පසුගිය 13 වැනිදා පැවැත්වුණු අතර ප්‍රශ්න අසන මන්ත්‍රීවරුන් මෙන්ම ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන ඇමැතිවරුන් බොහෝ දෙනකුද එදින සභාවට නොපැමිණීම විශේෂත්වයකි.

එම රැස්වීම සඳහාද රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැයවී ඇතැයි වැඩි දුරටත් වාර්තා වේ.

Related posts

දකුණු පළාතට විදුලිය සම්ප්‍රේෂණ පද්ධතිය ස්ථාපනය කිරීම: ප්‍රශ්නගත ඉඩම් හිමියාගෙන් එකඟතාවක්

Admin

යුද හමුදාපතිට දැමූ තහංචියට එරෙහිව ලක් රජය ඇමරිකානු තානාපතිනියට දැඩි විරෝධය දක්වයි !

colombotoday

අමාත්‍යාංශ දෙකක විෂය පථය සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

ඇඟිලි නොගහ හිටියොත් ඒ ඇති

colombotoday

ඔක්තෝබර් 31 කල් ඉකුත්වන ෆයිසර් එන්නත් මිලියන 7ක්

colombotoday

අයිස්පීල්ල කඳු රක්ෂිතයේ අක්කර 60ක් ගිනි බත් වෙයි

colombotoday