Colombo Today Local News

දිනේෂ් ශාෆ්ටර් ඝාතනය : 15 දෙනෙකුගෙන් ප්‍රකාශ ගනී

ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් පුද්ගලයින් 15 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි වාර්තා වේ.

බොරැල්ල පොදු සුසාන භූමියේ සේවකයින් කිහිප දෙනෙකුගෙන් ද ප්‍රකාශ සටහන් කරගත් බව සඳහන් වේ.

දිනේෂ් ශාෆ්ටර්ගේ මෝටර් රථයේ ඇති සාක්ෂි සහ අදාළ ස්ථානීය පරීක්ෂණ අනුව සැකකරුවන් හදුනා ගැනීමේ විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව ප්‍රකාශ කර ඇත.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන බ්‍රයන් තෝමස්ගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගෙන තිබිණි.

එම විමර්ශනවලට අදාළව බොරැල්ල පොලිසිය විසින් අධිකරණය හමුවේ සිදු කරන ලද කරුණු ඉදිරිපත් කිරීමකින් අනතුරුව බ්‍රයන් තෝමස්ගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල ඊයේ(15)දින නියෝගයක් නිකුත් කර තිබිණි.

එමෙන් ම, දිනේෂ් ශාෆ්ටර්ගේ දුරකතන ඇමතුම් වාර්තා ද ලබා දෙන ලෙසට ද අදාළ දුරකතන සමාගම්වලට නියෝග කර ඇත.

පෙරේදා පස්වරු 2ත් 3ත් අතර දිනේෂ් ශාෆ්ටර් හමුවක් සඳහා යන බව සිය බිරිඳට පවසා නිවසින් පිටව ගොස් ඇතැත්, තම ලේකම්වරයාට සඳහන් කර තිබුණේ, ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් හමුවීමට යන බව ය.

මේ අතර, දිනේෂ් ශාෆ්ටර්ගේ මරණය ගෙළ සිරකර සිදු කළ ඝාතනයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී යැයි බොරැල්ල පොලිසිය පවසයි.

කොළඹ අංක 2 අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් සම්පත් ජයවර්ධන මහතාගේ නියෝග මත ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරී රූල් හක් මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලදී.

Related posts

වෙල්ගම ස්වාධීන වෙයි…

colombotoday

හිටපු ජනාධිපතිවරුන්ගේ ඡායාරූප ගලවා අනුරගේ පින්තූරය පමණක් එල්ලයි

Admin

මන්නාරම සමූහ මිනිවලේ කැණිම් අත්හිටුවන්නැයි අධිකරණයෙන් නියෝගයක්.

colombotoday

ආණ්ඩුව අයවැය සම්මත කර ගත් හැටි ඒකාබද්ධ විපක්ෂය කියයි

colombotoday

ඇමතිවරු මාරුවෙනකොට ප්‍රතිපත්ති මාරුවෙන්න බෑ – ගෝඨාභය රාජපක්ෂ

colombotoday

නිරෝධායන නොවී සැගවී සිටි 04ක් අත්අඩංගුවට !

colombotoday