Colombo Today Local News

රටට වැඩක් නැතිනම් ශ්‍රීලනිප කිය කියා ඉදල වැඩක් නෑ. අලුත් පක්ෂයකට සහය දෙනවා – ගෝඨාභය මහා නාහිමිවරුන් බැහැදැක කියයි

gota 236

විපක්ෂයේ කාර්යභාරය ඉටුකිරීමට රටට නව පක්ෂයක් අවශ්‍ය බව ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

නව දේශපාලන පක්ෂයක අවශ්‍යතාව ඉතිහාසයේ කවරදාටත් වඩා අද ඇතිවී තිබෙන බවත්, හොඳ ප්‍රතිපත්ති සමග කුමණ හෝ පක්ෂයක් ඒ සඳහා ඉදිරියට එන්නේ නම් සහයෝගය දක්වන්නට කැමැත්තෙන් සිටින බවත් ඔහු අවධාරණය කළේය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (03) පෙරවරුවේ මහනුවරට ගොස් අස්ගිරි සහ මල්වතු මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ මෙම අදහස් පළ කළේය.

පක්ෂයකින් රටට වියයුතු දේ නොවන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියා කියමින් සිට පලක් නොමැති බවත් නායකයින් බිහිවිය යුත්තේ ජනතාව අතරින් බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා පැහැදිලි කළේය.

යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් දැක්විය.

එහිදී ඔහු කියා සිටියේ අත්අඩංගුවට ගන්නා බවට නම් ප‍්‍රසිද්ධ කර, තැනැත්තන් අත්අඩංගුවට ගැනීම අසාධාරණ බවයි.

අද මේ රටේ කවුරුන් අත්අඩංගුවට ගතයුතු බවද කාට නඩු පැවරිය යුතුද යන්න පිළිබඳ නම් කිරීම් කරන්නේ දේශපානඥයින් හා සිවිල් සංවිධාන බවත්, නීතීපති හෝ පොලීසිය යම් කරුණක් සම්බන්ධව නඩු නිමිත්තක් නොමැති බව පවසත්දී මේ අය”නෑ නෑ රාජපක්ෂලා අත්අඩංගුවට ගන්න ඕනෑ”යැයි පැවසීම තුළින් පෙනෙන්නේ යහපාලනයද යන්න ප්‍රශ්නයක් බවත් ඒ මහතා කීය.

Related posts

විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ගේ උපකරණ සහ දේශීය සහල් නිෂ්පාදනය සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස්

Admin

මහනුවර අකුරණ නගරයට දැඩි පොලිස් ආරක්ෂාවක්

Admin

ජාතික ඉඩම් කොමිෂන් සභා පනත සකසන්න අනුමැතිය

Admin

ව්‍යාපාරිකයකුගෙන් තර්ජනය කර කප්පම් ඉල්ලු පාතාලයයෙක් අත්අඩංගුවට

Admin

MCC සමාලෝචනය කිරීම් කමිටුවේ අවසන් වාර්තාව ජනපතිට

colombotoday

නොපිපි නොළුමේ උස් පියුම් මත සිට !!

colombotoday