Colombo Today Local News

බෞද්ධ හා පාලි සරසවි මහා ශිෂ්‍ය සංගම් ලේකම් හිමි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

හෝමාගම පිටිපන බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ගිහි සහ භික්ෂු සිසුන්ට අමානුෂික ලෙස නවක වදය දීම ඇතුළු චෝදනා හතරක් යටතේ හෝමාගම පොලිඅත් අඩංගුවට ගත් එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් තලාවේ ධම්මික හිමියන් මෙම මස 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ගත කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය නියෝග කර තිබේ.

බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ පලමු වසරේ සිසුන් ගෙන් සහ පාලනාධිකාරියෙන් ලද පැමිිණිලි මත සිදු කල විමර්ශනයකින් පසු එම හිමියන් අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

විශ්ව විද්‍යාල නවක සිසුන්ට අමානුෂික ලෙස නවක වදය ලබා දීම, අයුතු සිර කර තැබීම, අයුතු අවහිරය සහ සුළු තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ එම නඩුව ගොනුකර තිබුණි.

Related posts

උතුරේ කොටි පවුල් නඩත්තුවට රජයෙන් මිලියන 25ක් !

colombotoday

රාජිත සේනාරත්නත් ගෙදර ?

colombotoday

22ට කැබිනට් අනුමැතිය

colombotoday

මම විදුලි වගකීම් දරපු කාලෙ විනාඩියක්වත් ලයිට් කැපුවෙ නෑ. දැන් ලයිට් කපන්නේ අපි ඉවත් වුණ නිසයි – අජිත් පි පෙරේරා

colombotoday

නිවසේ හදිසි අනතුරක්.. පිළිස්සුම් තුවාල සහිතව ගීතා රෝහල්ගත කරයි !

colombotoday

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම යළි දීර්ඝ කෙරේ

colombotoday