Colombo Today Local News

සනත් නිශාන්තගේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට විදේශගතවීමට අවසර ලබාදෙන ලෙසට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීමක් කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (16)දින ප්‍රතික්ෂේප කර තිබේ.

පසුගිය මැයි 9 වන දා අරලියගහ මන්දිරයට රැස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් ගාලු මුවදොර පිටියේ සිටි අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු වන සනත් නිශාන්තට විදේශගත වීමට අවසර ලබාදෙන ලෙස පසුගිය සතියෙ ඔහුගේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීමක් සිදුකර තිබිණ.

ඒ සම්බන්ධයෙන් වන නියෝගය අද(16)දින නිකුත් කරමින් මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

Related posts

විදුලිය බිඳවැටීමක් සිදුවෙන්නේ නෑ – රංජන් ජයලාල්ගෙන් සහතිකයක්

colombotoday

පොලිස් ආයතන කිහිපයක තනතුරු මාරුවක්

colombotoday

තැපැල් ඡන්ද විමසීම සාමකාමී – මැතිවරණ කොමිසම

colombotoday

“නාමල්ගෙන් උපදෙස් ගන්න මම දේශපාලන බබෙක්ද” – හිටජු ජනපති

colombotoday

රුපියල වාර්තාගත ලෙස බාල්දු වෙයි… ඩොලරය 160 පසු කරයි

colombotoday

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විනිසුරු රත්නප්‍රිය ඉල්ලා අස්වෙයි

colombotoday